• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාඩු ලබන ආයතන 400 ගණනක් තියෙද්දි ආණ්ඩුව ලාබ ලබන ආයතන විකිණීමේ මගඩියකට ලෑස්ති වෙනවා! පොහොට්ටු මන්ත්‍රීගෙන් විශේෂ හෙළිදරව්වක්!

August 28, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පසෙක ලා රජය ලාබ ලබන ආයතන විකිණීමේ මගඩියකට සූදානම් වෙන බව පොහොට්ටුවේ මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

“රාජ්‍ය ආයතන 400 ගනනක් තිබිලත් විශාල සම්පත් ප්‍රමාණයක් තිබිලත් ඒ ආයතන වලින් එන සමස්ථ ආදායම ඉතා සුළු ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි සමහර ආයතන ලාබ ලබද්දී බොහෝ ආයතන පාඩු ලැබීම. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මන්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදක මණ්ඩලය යන ආයතන කිහිපයේ පමණක් මේ වසරේ පාඩුව රාජ්‍ය ආදායමට වඩා වැඩියි. තවත් පාඩු ලබන විශාල ආයතන ගණනාවක් තිබෙනවා. ඉතින් මේ පාඩු ලබන ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු බවට අද රටේ බොහෝ දෙනෙක් එකඟ වෙනවා.

අපි බලාපොරොත්තු වුනා මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ආණ්ඩුවක් කඩිනමින් ආරම්භ කරාවී කීයලා. නමුත් ඒ වෙනුවට අපිට පේන්නේ ආණ්ඩුව වෙනත් දෙයක් කරන්න සූදානම් වෙන බවයි. දැන් ආණ්ඩුව කතාකරන්නේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන නෙමෙයි ලාබ ලබන ආයතන විකිණීම ගැනයි. ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණු දෙකක්. ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගැන හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ගැන. අපි පුදුමයට පත් වුනා. මොකද මේ දෙකම හොඳින් ලාබ ලබන ආයතන. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ලාබ ලබන ආයතනයක්. එහි 49.5% කොටස් රජයට අයිතියි. සේවක අර්ථසාදක අරමුදල , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වැනි රජයට අනුබද්ධ ආයතන හරහා 50 කට වැඩි කොටස් රජයට තියෙනවා.

අපි දන්නවා මේ වන විට විදුලි සංදේශණ පහසුකම් වලින් අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නා රටක්. රට පුරා ෆයිබර් නෙට්වර්ක් එලමින් තොරතුරු තාක්ෂණ පහසුකම් ඉහල තලයකට ගෙන එන්නට මේ ආයතනය විශාල සේවාවක් කොට තිබෙනවා. එය යටතේ තිබෙන මොබිටෙල් ආයතනයත් හොඳින් ලාබ ලබන ආයතනයක්. ඉතින් මොකටද මේ ආයතන විකුණන්නේ. ඊලඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියන්නේ මහා භාණ්ඩාගාරයට 100% අයිති ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. මේ අයතනය මීට පෙර වතාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ පෞද්ගලීකරණ‍ය කරලා තිබිලා 2009 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් යලි රජයට පවාරාගත්තේ. ඒ නඩුවේදී හෙලි වුනා ආයතන විකිණීමේදී විශාල අක්‍රමිකතා වෙලා තිබෙනවා කියලා. ඒ වෙලාවේ රුපියල් බිලියන 30 කට වඩා වත්කම් තිබුණ ආයතනය විකුණලා තිබුණේ රුපියල් බිලියන 6 ක් වගේ සුළු මුදලකට. මේ දූෂිත ගනුදෙනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවූවේ. ඒ වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තවත් දූෂිත පුද්ගලීකරන ගනුදෙනු දෙකක් අවලංගු කළා. ඒ වෝටර්ස් එජ් හෝටලය පෞද්ගලීකරණය හා ලංකා මැරයින් සර්විසර්ස් පෞද්ගලීකරණ ගනුදෙනුව. මේ වගේ කුප්‍රකට ඉතිහාසයක් තමයි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සම්බන්ධයෙන් තියෙන්නෙ” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

SendShareShare
Previous Post

ලංකාවට එන ගෝඨාට හිටපු අගවිනිසුරු බාල්දියක් පෙරළයි! ලොස්ඇන්ජලීස්වලින් ගෝඨාට එන්න කියයිද? හදිසි ජනාධිපතිවරණයකට රනිල්ගේ සූදානමක්! මෛත්‍රීපාල ශ්‍රීලනිපයෙන් පන්නන කුමන්ත්‍රණයේ මහමොළකරුවෝ දෙන්නා! පොහොට්ටුව රනිල් කැඳවූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමේ සූදානමක! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

ලංකාවට එන ගෝඨාට ඉන්න ආණ්ඩුවෙන් කොළඹ බංගලාවක් ලෑස්ති කරයි! දැන් රාජපක්ෂලා තුන්දෙනෙකුට විතරක් ‌ආණ්ඩුවෙන් නිල නිවාස 4යි!

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.