• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රසිද්ධියේ බොරු කිව්වා කියලා‌ ජොන්ස්ටන් ජවිපෙ වසන්තට බිලියනයක් ඉල්ලා නඩු දාලා! උසාවියෙදි බලාගන්න පුලුවන් බොරුකාරයා කව්ද කියලා!

March 28, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රසිද්ධියේ බොරු කිව්වා කියලා‌ ජොන්ස්ටන් ජවිපෙ වසන්තට බිලියනයක් ඉල්ලා නඩු දාලා! උසාවියෙදි බලාගන්න පුලුවන් බොරුකාරයා කව්ද කියලා!
Share on WhatsAppShare on Facebook

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.

20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්· මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා 20Km ක අදියරක කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත් ,ඉහත කී ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් අනුමත කිරීම CANC ලෙස නම් කරන ලද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ විෂය විෂයපථය යටතේ පවතින බවත්, එම ලංසු ඉදිරිපත් කර ඇත්තේ චීන සමාගමක් වන Metallurgical Corporation ( MCC ) සහ ශ්‍රී ලාංකික සමාගමක් වන Lanka Infrastructure Development Consortium ( LIDC ) යන සමාගම් දෙක විසින් බවත් කියා සිටියේය.

චීන සමාගමක් වූ MCC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1050 ( රුපියල් බිලියන 210) වූ බවත් LIDC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 1872 ක ( රුපියල් බිලියන 374.4 ක ) වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබී ඇති අඩු ලංසුව ප්‍රතික්ෂේප කොට වැඩි ලංසුව ඉදිරිපත් කර ඇති LIDC සමාගම වෙත CANC යන කමිටුව විසින් ලබා දී ඇති බවත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු CANC කමිටුවට අනිසි බලපෑම් සිදු කර එහි සාමාජිකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ MCC ලංසුව ඉවත් කර LIDC ලංසුවට පක්ෂව කටයුතු කර එමඟින් වංචාවක් සිදු කිරීමට කටයුතු කල බවත් හෙතෙම කියා තිබිණ.

එම මූල්‍ය වංචාව හරහා ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164.4 ක් වන අතර එය කුප්‍රකට බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් වඩා වැඩි බවත් සමරසිංහ මහතා කියා තිබිණ.

මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මාගේ සේවාදායකයා ඉහත කී ව්‍යාපෘතිය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර එම දැවැන්ත වංචාව සිදුකර ඇති බවත්, මාගේ සේවාදායකයා විසින් මෙම වංචාව සිදුකර ඇතැයි ප්‍රකාශ කිරීමේදී ගරු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රවටා සහ ඔහු නොමඟ යවා කටයුතු කර ඇති බවත්, එම මාධ්‍ය සාකච්ඡාව ඔහුට අයත් නිල youtube නාලිකාවේ ප්‍රසිද්ධ කර එම සම්බන්ධතාවය ( Link ) ඔහුගේ මූහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බවත් එම ක්‍රියාව තුලින් මහජනතාවට එකී කරුණු වලට ප්‍රවේශ වීමට ඉඩ හැරීමෙන් ඉහත සඳහන් කරන්නට යෙදුනු ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා මහජනතාව අතර ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතීඥවරුන් පෙන්වා දී ඇත.

ඔහු විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එයින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වශයෙන් කටයුතු කරන කසුන් වීරසේකර මහතා විසින් මෙම වන්දි මුදල දින 14 ක් ඇතුලත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් යවා ඇත.

SendShareShare
Previous Post

ලංකාවේ ලොකු ලොකු නම් තියෙන ඉස්කෝලවලට විතරක් තියෙන පහසුකමක් සජිත් වැල්ලවාය දුෂ්කරම පාසලකට අරන් එයි! දූදරුවො ප්‍රීතියෙන් පිනායයි! (VIDEO & PHOTOS)

Next Post

කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.