2023 ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට අද (31) දින ඒකමතික තීරණයකට පැමිණ තිබේ.
ඒ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමේදීය.
එහි සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණය ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.