• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවිත්‍රා ගහපු ලියුමක් අභියාචනාධිකරණයෙන් අද බලරහිත කරයි! අමාත්‍යවරිය ද්වේෂසහගත ආකාරයෙන් හා අත්තනෝමතික විදිහට කටයුතු කරලා! ස්වාභාවික යුක්ති ධර්මයේ මූලධර්මයත් උල්ලංඝනය කරලා!

January 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පරණ වැරදි එළියට එයි! පවිත්‍රා යළි විසිවෙයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයින් ඉවත් කරමින් 2020 වසරේ නොවැම්බර් මස 27 වනදා එවක සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ඉන්පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයා වශයෙන් පත් කළ මහාචාර්ය වජිර දිසානායක සහ එහි සාමාජිකයින් ලෙස මහාචාර්ය බන්දුල විජේසිරිවර්ධන,  වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු, වෛද්‍ය වජිර සේනාරත්න සහ මහාචාර්ය ජයලත් ජයවර්ධන යන අය පත්කිරීමට හිටපු අමාත්‍යවරිය ගත් තීරණය ද බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය මහාචාර්ය වජිර දිසානායක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම වළක්වමින් අතුරු ආඥාවක් ද නිකුත් කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තමන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කරන ලෙස ඉල්ලමින් එහි හිටපු මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ සාමාජිකයින් වන වෛද්‍ය ඩබ්ලිව්. එම්. සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය යූ.එම්. ගුණසේකර, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍ය සුනිල් උභයසිරි විසින් ගොනු කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.

මොහොමඩ් ලෆාර් සහ එස්. යූ. බී. කරලියද්ද යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඉවත් කිරීමේදී වගඋත්තරකාර අමාත්‍යවරිය ද්වේශ සහගත සහ අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවය.

ඉවත් කිරීමට පෙර පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමක් සිදුකිරීමට හෝ ඔවුන්ට කරුණු දැක්වීමට  අවස්ථාවක් ලබාදීමට වගඋත්තරකාර අමාත්‍යවරිය කටයුතු කර නොමැති බවත් විනිසුරුවරු නඩු තීන්දුවෙන් චෝදනා කර තිබේ.

ඒ තුළින් අමාත්‍යවරිය ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

පෙත්සම්කාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් අභියාචනාධිකරණය හමුවේ කියා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2019 වසරේ ජනවාරි මස 21 වනදා වසර පහක කාලයක් සඳහා තමන්ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් වශයෙන් පත්කළ බවය.

ඉන් අනතුරුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමන්ව ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

SendShareShare
Previous Post

මැස්සෙක් රටම විනාශ කළා! බලධාරීන් පොල් ගෑවද? VIDEO

Next Post

මාව අත්අඩංගුවට ගනිද්දී පොලිසියෙන් කිසිම සාධාරණ හේතුවක් කිව්වේ නෑ! ‌වඳ සැත්කම් කළැයි කී දොස්තර ෂාෆි ගොනුකළ පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවයි!

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.