ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේය.
අද (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බව ද මෙහිදී අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට කියා සිටියාය.
මේ වන විට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බව අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියාය.










