වර්තමානයේදී රට මුහුණ දී ඇති බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පසුගියදා ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා අදහස් පළ කිරීමට පියවර ගත්තේය.
එහිදී දැනට රට තුළ මතුව ඇති ඩොලර් අර්බූදය, විදුලි අර්බූදය, තෙල් හිගය ආදිය පිළිබද අදහස් ප්‍රකාශ කළ එම සංගමයේ නියෝජිතයන් එම තත්ත්වය මගහරවා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ගද පෙන්වා දීමට පියවර ගත්තේය.










