• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

නෙළුම් මලේ පෙති කඩලා රනිල්ට ඔරුව හදාලා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 3, 2022
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
නෙළුම් මලේ පෙති කඩලා රනිල්ට ඔරුව හදාලා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික පක්ෂවල අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව හම්බන්තොට ඩී.එම්. රාජපක්ෂ පවුල සත පහකට මායිම් කළේ නැත. එයට හේතුව කොබ්බෑකඩුවට ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන්න ඩී.එම්. රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ බැහැලා වැඩ කළ නිසාය. එකල මේ දෙදෙනා ශ්‍රීලනිපය කඩාගෙන ගොස් ‘අම්මේ මට සමාවෙන්න’ කියා නැවත ශ්‍රීලනිපයට ආ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා වූ අනුරගේ හොඳම ගෝලයෝ වූහ. මෛත්‍රී සමග අනුර ශ්‍රීලනිපය කඩාගෙන යද්දී බැසිල්ද අනුර එක්ක ගියේය. අනුර යළි ශ්‍රීලනිපයට ආ විට බැසිල්ද යළි ශ්‍රීලනිපයට ආවේය. ඔවුන් එනකොට ශ්‍රීලනිපයේ බලය අල්ලාගෙන සිටියේ විජය-චන්ද්‍රිකාය. මෛත්‍රී-අනුර පක්ෂය කඩාගෙන යන විට පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය හිටියේ විජය සහ චන්ද්‍රිකා සමගය. මෛත්‍රී-අනුර මැතිනියව නායකත්වයෙන් ඉවත් කරන්න යද්දී මැතිනියව ආරක්ෂා කළේ විජය සහ චන්ද්‍රිකාය. ඒත් ටික කලකින් විජය සහ චන්ද්‍රිකා මැතිනියගේ පරම හතුරන් වන කොමියුනිස්ට් පක්ෂය සමග වැඩ කරද්දී මැතිනිය විජය සහ චන්ද්‍රිකාගේ බලය බිඳින්න අනුරව පක්ෂයට ගෙන්වා ගනු ලැබීය. අනුර ආවේ බැසිල්වද එකතු කරගෙනය. විජය සහ චන්ද්‍රිකා ජනාධිපතිවරණයට කොබ්බෑකඩුවව ජනාධිපති අපේක්ෂක කරන්න යද්දී මැතිනිය ඊට එරෙහි වූයේ අනුර, මහින්ද, බැසිල්ලා කොබ්බෑකඩුව දින්නොත් ශ්‍රීලනිප නායකයා වෙයි කියලා මැතිනියව බයකළ නිසාය. මහින්ද රාජපක්ෂ කොබ්බෑකඩුව අපේක්ෂකයා වීම වළක්වන්න රෑ දවල් දෙකේම වැඩ කළේය. 1982 ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවන විට ශ්‍රීලනිපයේ ලකුණ සහ පක්ෂ මූලස්ථානයට එරෙහිව උසාවියේ නඩුවක් තිබිණි. පක්ෂ ලකුණ සහ මූලස්ථානය ඉල්ලා නඩුව දමා තිබුණේ මෛත්‍රී-අනුර කල්ලියය. විජය සහ චන්ද්‍රිකා ශ්‍රීලනිප අත ලකුණ නොලැබුණහොත් දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ රෝදය ලකුණ ගන්න සාකච්ඡා පවත්වමින් සිටියහ. මහ රෑ මහින්ද මැතිනියගේ පණිවුඩයක් අරන් ගොස් දිනේෂ්ට කීවේ කොබ්බෑකඩුවට රෝදය ලකුණ දෙන්න එපා කියාය. කොහොම හරි ශ්‍රීලනිපයට අත ලකුණ සහ පක්ෂ මූලස්ථානය ලැබිණි. විජය සහ චන්ද්‍රිකා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වූ ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, කුලරත්න වැනි අය සමග කොබ්බෑකඩුව අපේක්ෂකයා කරගන්න සමත් විය. කොබ්බෑකඩුව අපේක්ෂකයා වීමෙන් පසු අනුර, මහින්ද සහ බැසිල්ලා, කොබ්බෑකඩුව පරාජය කරන්න පැය 24ම වැඩ කළහ. මැතිනියත් ඔවුන්ට උඩගෙඩි දුන්නාය. කොබ්බෑකඩුව පරාජයට පත්විය. පරාජයෙන් පසු බැසිල් රාජපක්ෂ රුහුණු පෙරමුණ නමින් පක්ෂයක් හදාගෙන යූ.ඇන්.පී.යට එක්විය. ඔහු යූ.ඇන්.පී.යට එක්වූයේ මහ මැතිවරණ ඕනෑ නැහැ කියාය. ජනාධිපතිවරණය ජයගෙන ජේ.ආර්.ගේ ආණ්ඩුව විජය-චන්ද්‍රිකා සහ කොබ්බෑකඩුව නැක්සලයිට්කාරයන් කියා නැක්සලයිට්කාරයෝ පාර්ලිමේන්තුවට එන එක වළක්වන්න මහ ඡන්දය නොතියා ජනමත විචාරණයක් තියමු කීවේය. ජනාධිපතිවරණය පරාජය වුවත් විජය සහ චන්ද්‍රිකා ශ්‍රීලනිප බලය අල්ලාගෙන සිටි නිසා මහ ඡන්දයක් තිබ්බොත් ඔවුන් ආසන 60ක් 70ක් ගනියි කියලා බයේ අනුර, මහින්ද, බැසිල්ලා, ජේ.ආර්.ගේ නැක්සලයිට් කතාව ඇත්තක් යැයි කියා ජේ.ආර්.ගේ ජනමත විචාරණයට සහාය දුන්හ. පහත දැක්වෙන්නේ බැසිල් එදා යූ.ඇන්.පී.යට එක්වෙමින් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව ‘දවස’ පුවත්පත වාර්තා කළ ආකාරයය.

‘එක්සත් ජාතික පක්ෂයේ වත්මන් රජයෙන් තරම් විශාල සේවාවක් දකුණු පළාතට අන් කිසිම රජයකින්වත් සිදුවී නැහැ. නියම නායකත්වයකින් හා රටට වැඩදායී ප්‍රතිපත්ති මාලාවක් මත කටයුතු කිරීම නිසා ජනතාව මේ රජය කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එය සනාථ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නියම නායකත්වයක් හා ප්‍රතිපත්ති මාලාවක් අද දක්නට නැති නිසා ජනතාව දිනෙන් දින පක්ෂයෙන් ඈත්වීමට පටන්ගෙන. තිස්සමහාරාම දිස්ත්‍රික්කයේ අප සමග සිටින ජනතාවගේ අනාගත යහපත් අපේක්ෂාවන් මම එක්සත් ජාතික පක්ෂයට බැඳී කටයුතු කිරීමට තීරණය කළා.

රොස්මිඩ් පෙදෙසේ අංක 28 දරන ස්ථානයෙහි පෙරේදා උදේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය. රාජපක්ෂ මහතා මෙසේද කීය.\

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් හිටපු ඇමැතිවරු ජනතාවට පීඩා සිදුවන අන්දමට පසුගිය රජය කාලයේ හාල් පොලු, මිරිස් පොලු ආදිය දැම්මා. ඔවුන් අතින් සිදුවූ වැරැදි හරිගස්සාගෙන පක්ෂය ඉදිරියට ගෙන යෑමට තවමත් පියවරක් ගෙන නෑ. එක්සත් ජාතික පක්ෂය එවැනි දෙයක් කිරීමේදී ජනතාවට හානියක් ඇති නොවීමට වගබලාගෙන ඔවුන්ට එවැනි දෙයක ඇති අවශ්‍යතාව හැඟෙන ආකාරයට කටයුතු සිදු කරනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ බණ්ඩාරනායක පවුල තුළ ඇති මතභේද පවා පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් වී තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තේරීමට ගිය අවස්ථාවේ විවිධ ආකාරයේ ගැටුම් ඇතිවුණා

නිවැරැදියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට අනුර බණ්ඩාරනායක මහතාගේ නම ඉදිරිපත් කළේ ඒ මහතා වත්මන් රජය විසින් දැනට ක්‍රියාත්මක කොට ඇති නිදහස් වෙළෙඳ ආර්ථික ප්‍රතිපත්තිය නිවැරැදි බව අවබෝධයෙන් යුතුව අනුමත කළ නිසයි. පෞද්ගලික සම්බන්ධකම් එදිරිවාදිකම් කොතෙක් තිබුණද මෙය මා ගනු ලැබූ පෞද්ගලික තීරණයක් නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අද පවතින අවාසනාවන්ත අවුල්සහගත අර්බුදකාරී තත්ත්වය නිසාත්, ඒ තුළින් දුප්පත් ජනතාවට පීඩා විඳීමට ඉඩ නොතබා අප කෙරේ බලාපොරොත්තු තබා ඇති ගම්බද ජනතාවගේ ආරක්ෂාව පිණිසත් ගනු ලැබූ දේශපාලන තීරණයක් බවද, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු තිස්සමහාරාම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුද තමා ගත් තීරණය පිළිගෙන ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඈත්වීම

තමා අනුර බණ්ඩාරනායක මහතා සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධකමක් පවත්වාගෙන ආ කෙනෙක් හැටියා ඒ මහතාගෙන් දේශපාලනමය වශයෙන් ඈත්වීමට සිදුවුවත් මේ තීරණය තමා විසින් අනුර බණ්ඩාරනායක මහතාට පෞද්ගලිකව දන්වා තිබෙනවා.

මෙහිදී ප්‍රවෘත්ති ලේඛකයන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා, අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගෙන පක්ෂය ප්‍රතිසංවිධාන කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළිත් එක්වීමට තමා තුළ අදහසක් නෑ. දැනට පවතින තත්ත්වය අනුව අනුර බණ්ඩාරනායක මහතාට අනාගතයේදී පක්ෂයේ නායකත්වය ලබාගැනීමට ඉඩ ලැබේවිද යන්න තමාට සැක සහිතයි.

එදා 1952 දිවංගත බණ්ඩාරනායක මහතා තම පියා සමග එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පංච මහා බලවේගයේ ආධාරය ඇතිවයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත්, එක ප්‍රතිපත්තියක් නොමැතිකමත් නිසා එදා පක්ෂයේ ආධාරයට සිටි පංච මහා බලවේගය සම්පූර්ණයෙන්ම වාගේ පකෂයෙන් ඈත්වී තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණයේදී වත්මන් රජය අනුගමනය කරනු ලබන නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැඩි ලෙස විවේචනය කළා. නමුත් ඔවුන් විසින් ඒ වෙනුවට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති ජනතාව හමුවේ තැබුවේ නෑ.

මෙවර ජනතාව සිය ඡන්දය පාවිච්චි කළේ දැනට පවතින රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සඳහායි.
අගමැතිතුමාගේ උදාගම් සංකල්පය නිසා අද ගමක් ගමක් පාසා දියුණුවක් දැකිය හැක. සෑම කෙනෙක්ටම යහපතක් ඇතිවන යෝජනා ක්‍රම රට පුරාම රජය විසින් ආරම්භ කර ඇත. මේවා ජනතාව විසින් අනුමත කර ඇත….’

දවස (13.11.1982)

මේ පරණ කතාව මතක් වුණේ පරණ ශ්‍රී ලංකාකාරයෙක් කී කතාවක් නිසාය.

‘ඔය රාජපක්ෂ පවුල හැමදාම හිතන්නේ තමන්ට නැත්නම් කාටත් නැහැ කියලා. 1982 ශ්‍රීලනිපය බලය ඒගොල්ලන්ට නැතිවෙන කොට යූ.ඇන්.පී.යට හේත්තු වුණා. මේපාර අරගලය නිසා ආණ්ඩුවේ බලය නැතිවෙනකොට යූ.ඇන්.පී නායකයාව අගමැති කරලා ජනාධිපති කළා….’

මේ ඔහු කිව්ව කතාවය. කතාව 100%ක් හරිය.

2022 මැයි අරගලයට පස්සේ අගමැති මහින්දටත් මුදල් ඇමැති බැසිල්ටත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙන්න කීවේය. ඒ වෙලාවේ පොදුජන පෙරමුණෙන් ඩලස් හෝ සමගි ජන බලවේගයෙන් සජිත් හෝ අගමැති කරන්න පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සමග සාකච්ඡා දියත් විය. සජිත්ගේ ස්ථාවරය වූයේ අරගලයේ හඬට කන් දී ගෝඨා ඉවත්විය යුතු බවත්, ඉන් පසු සියලු පක්ෂ එක්වී අන්තර්කාලීන ආණ්ඩුවක් හැදිය යුතු බවත්ය. ඩලස් ඇතුළු පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමේ අදහස් වූයේ ගෝඨා යටතේ අගමැති ධුරය භාරගෙන අන්තර්කාලීන ආණ්ඩුව හැදිය යුතු බවය. මේ කණ්ඩායම ගෝඨාභය සමග මේ ගැන සාකච්ඡා කළහ. එම සාකච්ඡාවලට පොදුජන පෙරමුණෙන් කියා බැසිල් රාජපක්ෂ සහභාගි විය. ඔහු කීවේ මහින්ද රාජපක්ෂ හැරෙන්න වෙන කිසිවෙක් පොදුජන පෙරමුණෙන් අගමැති ධුරයට නම් නොකළ යුතු බවය. එතැනදී මහින්ද, බැසිල්, නාමල් ඇතුළු රාජපක්ෂ පවුලම එම තීරණයට ආහ. එනම් මොන තත්ත්වයක් යටතේ වුවද අගමැති ධුරය සජිත්ට නොදීමටය. ගෝඨාත්, පවුලේ තීරණයට හිස නමා ඩලස් හෝ සජිත් අගමැති කිරීමේ සාකච්ඡා නතර කොට රනිල්ව අගමැති කළේ රට බේරාගන්න නොව රාජපක්ෂ පවුලට නැති නම් කාටවත් නැහැ කියන රාජපක්ෂ පවුලේ තියරිය ක්‍රියාත්මක කරන්නටය. රනිල් ජනාධිපති වුණේත් ඒ තියරියට අනුවය.ඒ වෙලාවේ සර්වපාක්ෂික එකඟතාවෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගත්තා නම් අරගලය මර්දනය කරන්න අවශ්‍ය වන්නේ නැත. ඒ ජනාධිපතිව පිළිගෙන අරගලයට නිහඬ වීමට සිදුවේ. සර්වපාක්ෂික ජනාධිපතිවරයකුට එකඟ යැයි පෙරටුගාමී පක්ෂය කීවේය. ජනාධිපති ලෙස කතානායක පත් කරගන්න තමන් යෝජනා කළා යැයි ජවිපෙ ප්‍රසිද්ධියේම කීවේය. මේ වෙලාවේත් පොදු ජන පෙරමුණෙන් ජනාධිපති පත් නොවිය යුතුය කියා යකා නැටුවේ බැසිල්ය. එක වෙලාවක රටින් පලාගොස් සිටි ගෝඨාභය තමන්ගේ නිල ප්‍රකාශන ලෙස කතානායකවරයා කරන ප්‍රකාශ පිළිගන්න යැයි කීවේ රනිල්ව වැඩබලන ජනාධිපති ලෙස පත් නොකර ඉන්නට විය හැකිය. මන්ද ඒ වන විටත් ගෝඨා වෙනුවෙන් රනිල් ප්‍රකාශ නිකුත් කරමින් සිටියේය. එතැනදී රනිල් වැඩ බලන ජනාධිපති කළ යුතුය යන දැඩි මතයේ සිටියේ බැසිල්, මහින්ද සහ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලය. ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල්ට ඡන්ද 134ක් අරන් දෙන්න පැය 24ම වැඩ කළේ බැසිල්ය. එහෙව් බැසිල් 22 වැනි සංශෝධනය ගේන්න එපා පරද්දනවා යැයි කියද්දී රනිල් පුළුවන් නම් ඡන්ද 75ක් හොයාගන්න යැයි කියා බැසිල්ට අභියෝග කළේය.

‘ඒ කියන්නේ බැසිල් හොඳ කෑමක් ඉල්ලාගෙන කාලා නේද…?’

දැන් පොහොට්ටුව සීසීකඩය. ගමේ පොහොට්ටු පාක්ෂිකයන් නන්නත්තාරය.

‘පොහොට්ටුව වටේ මිනිස්සු එකතු වුණේ ඇයි…?’

පොහොට්ටුව කියන්නේ අහසින් වැටුණු මිනිස්සු එකතු වුණු පක්ෂයක් නොව, මෛත්‍රී, යූ.ඇන්.පී.යත් එක්ක එකතු වෙලා ජනාධිපති වී පසුව ශ්‍රීලනිප නායකයා වී ශ්‍රීලනිපයේ ඡන්දවලින් රනිල්ව අගමැති කළ නිසා ඒ තරහට මහින්ද වටා එක්රොක් වූ මිනිස්සුය. මේ උපන්ගෙයි ශ්‍රී ලංකාකාරයන්ය. නැතිනම් යූ.ඇන්.පී. විරෝධීන්ය. ඔවුන්ට දේශපාලන දර්ශනයක් තිබිණි. ඔවුන් රාජ්‍ය ආයතන විකුණනවාට අකැමැතිය. අයි.එම්.එෆ්. යනවාට අකැමැතිය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමග ගනුදෙනු කරනවාට අකැමැතිය. බලය බෙදනවාට අකැමැතිය. උපතින් ජාතිකවාදීන්ය. මේ මිනිස්සු පොහොට්ටුව වටා එක්වූයේ රනිල් අලුත් ව්‍යවස්ථාවක් හදා ෆෙඩරල් දෙන්න යනවා කියා පොහොට්ටුව කිව්ව නිසාය. රනිල් ඩයස්පෝරා තහනම ඉවත් කොට එල්.ටී.ටී.ඊ.ය ශක්තිමත් කරනවා කියලා පොහොට්ටුව කිව්ව නිසාය. රනිල් තෙල් ටැංකි ලාභ ලබන ආයතන විකුණනවා කියලා පොහොට්ටුව කිව්ව නිසාය. රනිල් මිලේනියම් ගිවිසුම ගහලා රට ඇමෙරිකාවට පාවාදෙනවා කියලා පොහොට්ටුව කිව්ව නිසාය. රනිල් අයි.එම්.එෆ්. රූකඩයක් කියලා පොහොට්ටුව කිව්ව නිසාය. ඒ වගේම රනිල් මහ බැංකුව මංකොල්ලකාලා රටේ මුදල් හොරකම් කළා යැයි පොහොට්ටුව කීවේය. රනිල් මුස්ලිම් අන්තවාදය පෝෂණය කරලා පාස්කු බෝම්බයට පාර කැපුවා යැයි පොහොට්ටුව කීවේය. රනිල් සිංහල ජනගහනය අඩුකරන්න වඳ සැත්කම් කරන මුස්ලිම් දොස්තරලා රකිනවා යැයි පොහොට්ටුව කීවේය. මිනිස්සු පොහොට්ටුව වටා එක්වූයේත් පොහොට්ටුවට ඡන්දය දුන්නේත් එය නිසාය.

‘එහෙම කියලා දැන් රනිල් හොඳයි කිව්වාම පොහොට්ටුවේ මිනිස්සුත් රනිල් මාරයි කියනවද…?’

පොහොට්ටුවේ මිනිස්සු කියන්නේ 2021දී විපක්ෂය රනිල්ව අගමැති කරනවා දැයි අසන විට එවක පොහොට්ටුවේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන දුන්න උත්තරයය.

‘අපට ඒ තරම් පිස්සුවක් නෑ…’

මේකට තව කෑල්ලක් එකතු කරලා මිනිස්සු කියන්නේ ‘පිස්සු නැත්නම් ෂෝක්’ කියලාය.

බැසිල් පොහොට්ටුවේ පෙති කඩලා රනිල්ට අගමැති වී ජනාධිපති වෙන්න ඔරුව හදලා දීලා ඉවරය. ගෝඨා සජිත්ව අගමැති කරන්න ගිය වෙලාවේ ඒකට ඉඩ දුන්නා නම් අද පොහොට්ටුව එළියට බැහැලා සජිත්ට සහ ආණ්ඩුවට ගහන්න හැකියාව තිබිණි. හේතුව සජිත් අගමැති වුණා නම් විපක්ෂයට යන්නේ පොහොට්ටුවය. එහෙනම් අද බැසිල් හෝ නාමල් විපක්ෂ නායකය. අද පොහොට්ටුවට රනිල්ට හොඳ කියන්නත් බැරිය. ගහන්නත් බැරිය.

‘බැසිල්ගේ මොළ හතෙන් එක මොළයකටවත් මේ ටික පෙනුණේ නැද්ද…?’

හැමෝම හිතුවේ බී.ආර්. (බැසිල් රාජපක්ෂ) ජේ.ආර්. වගේ යැයි කියාය.

අන්තිමේදී බී.ආර්.ට රනිල්ගේ QR කෝඩ් එක නැතිව පක්ෂයට ඇමැතිකමක්වත් ගන්න බැරිවා වාගේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මේස ලාච්චුවේ දාලා ලොක් කරලා තියෙන බැසිල්ගේ මහා රහස ‘මව්රට’ හොයාගත්තා! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

බැසිල් කරපු රහස් සමීක්ෂණයක ප්‍රතිපල එයි! එක සජබෙ! දෙක ජවිපෙ! පොහොට්ටුව තුනට වැටිලා! EXCLUSIVE

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.