පෝර්ට් සිටිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතේ සදහන් ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.
ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවද, ලංකාවේ ස්වෛරීත්වයට හානි සිදුවන බවද එම සංගමය පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ එහි ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකක බහුතර බලයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවකි.
මීට අමතරව එම කෙටුම්පත අධ්‍යයනය කිරීම සදහා ජනාධිපති නීතීඥ ඉක්‍රම් මොහොමඩ් මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක්ද පත් කිරීමට නීතීීඥ සංගමය පියවර ගෙන ඇත.