කතානායක කරු ජයසූරිය මහතා විසින් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවේ දැනට මන්ත්‍රීවරුන්ට ලබා දී නොමැති ඇමුණුම් වහාම ලබා දීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වෝහාරික විගණනය සම්බන්ධයෙන් වූ ඇමුණුම් ලබා දී නොමැති බවට කතානායකවරයා දැනුවත් කිරීමෙන් පසු කතානායකවරයා මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් කතානායකවරයා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේද නීතිපතිවරයා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට නිකුත් නොකරන ලෙසට දැනුම් දී තිබියදීය.










