• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිවේදනයක් එළියට දමමින් මහින්ද ජන්ද සටන අරඹයි

June 18, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
නිවේදනයක් එළියට දමමින් මහින්ද ජන්ද සටන අරඹයි
Share on WhatsAppShare on Facebook

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියලු ආගම්වල පූජකතුමනි, ගරු ඇමතිවරුනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,  මිත්‍රවරුනී.

2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පස්සෙ   අපිට අලුත් පාර්ලිමේන්තුවක්   පත්කරගන්න වෙන්නේ 2020 අගෝස්තු මාසයේ. 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු හතර හමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වලක්වලා තියෙන නිසාත්,  කොවිඩ් – 19 වසංගතය නිසාත්,  සම්පූර්ණ මාස නවයක් තිස්සේ මුළු රටම සංක්‍රාන්ති සමයක හිරවෙලා. මෙහෙම දෙයක් අපේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඡන්දදායකයන් සිදු කළ වෙනස සම්පූර්ණ කරන්න මේ මහමැතිවරණය අත්‍යවශයයි.   

මේ මහ මැතිවරණය අපි බොහොම අමාරුවෙන් ලබාගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. යහපාලන දේශපාලන පක්‍ෂ පළාත් පාලන ආයතන අවුරුදු තුනකින් ප්‍රමාද කළා වගේ, පළාත් සභා ඡන්ද පවත්වන්නම බැරි විදියට  වැඩ සැලැස්සුවා වගේ, උසාවියට ගිහිල්ලා  මහමැතිවරණයත් කල්දාගන්න හැදුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒ හින්ද දැන් තමන් කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලැබිලා තියෙනවා.

ජනාධිපතිවරණයෙන් පස්සේ ගතවුණු මේ සංක්‍රාන්ති සමය තුළ එක දෙයක් ඔප්පු වුණා, ඒ තමයි,  2006- 2014 කාලයේ මගේ ආණ්ඩුව වගේම, ගෝඨාභය ජනාධිපතිතුමා යටතේ පවතින මේ ආණ්ඩුවටත් ජයගත නොහැකි යැයි සැලකෙන අභියෝග ජය ගන්න පුලුවන් බව.  කොවිඩ් -19  වසංගතය පාලනය කරපු විදියෙන් ඒක ඔප්පු වුණා.  අපි වගේම සාර්ථකව මේ වසංගතය පාලනය කරපු  වියට්නාමය,  හොංකොං,  තායිවානය  වගේ ආසියානු රටවල් තියෙනවා.  මේ රෝගයෙන් වියට්නාමයේ කවුරුවත් මිය ගිහිල්ලා නෑ.  හොංකොං වල මිය ගිහිල්ලා තියෙන්නෙ හතර දෙනයි,  තායිවානයේ  හත්දෙනයි, අපේ රටේ එකොලොස් දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. නවසීලන්තයෙ කොවිඩ් මරණ 22 ක් සිදුවෙලා තියෙනවා.

නමුත්,  වියට්නාමය,  හොංකොං,  තායිවානය,  වගේ රටවල් 2003 ඇතිවුණු  සාර්ස්  වසංගතයෙන් බැටකාලා ඉගෙනගත්ත  පාඩම් වලින් තමයි,  කොවිඩ් – 19  පාලනය කරන හැටි ඉගෙන ගත්තෙ. සාර්ස්, මර්ස්,වගේ වෛරසයෙන් ඇතිවෙන ස්වසන රෝග වසංගත ගැන ලංකාවට ලොකු අත්දැකීමක් නැතුව තමයි මේ මට්ටමට කොවිඩ් – 19 වසංගතය පාලනය කරල තියෙන්නේ. අපේ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව ඇතුළු කොවිඩ් – 19  මර්ධන ව්‍යාපාරයේ හිටපු හැමෝටම ඉහළම ලකුණු දෙන්න ඕන මේ වැඩේට. මේ හැකියාවන් මල්ඵල ගන්වන්න පුළුවන්  වුනේ ජනාධිපතිවරයා ලබාදීපු  නිවැරදි දේශපාලන නායකත්වය නිසයි.

ජනාධිපතිවරණය හා මහමැතිවරණය අතර සංක්‍රාන්ති කාලයේදීත්, ලෝක අවධානයට ලක්වෙන මේ වගේ සුවිශේෂ ජයග්‍රහණයක් ලබාගෙන තමයි අපි මේ ඡන්දයට යන්නේ. කොවිඩ් – 19 වසංගතය ලංකාවට එනකොට යහපාලකයෝ බලයේ හිටියනම්, රට අද තියෙන්නේ කොහෙද කියලා ජනතාව දන්නවා.

ජනාධිපතිවරණය ජය ගත්තට පස්සේ,  ආණ්ඩුවක් හැටියට අපිට ගත කරන්න වුණේ ඉතාමත්ම දුෂ්කර කාලයක්.   ජනාධිපතිතුමා ලැබූ   ජනවරමට පටහැනිව 2020 මාර්තු මුල වෙනකම් පාර්ලිමේන්තුවේ කෘතීම බහුතරයක් පවත්වාගෙන යන්න 19  වැනි සංශෝධනය නිසා පරාජිත පාර්ශවයට ඉඩ ලැබුණා.  ඒ බහුතරය පාවිච්චි කරලා ඒගොල්ලො පුළුවන් හැම අවස්ථාවකදීම අලුත් ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කළා. යහපාලන ආණ්ඩුවේම පොහොර,  බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්න අපි අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ගෙනාවහම ඒක සම්මත කරන්න ඒගොල්ලො ඉඩ දුන්නේ නෑ.  සැපයුම්කරුවන්ට මුදල් නොගෙවා හිටියම ඉබේම පොහොර,  බෙහෙත් හිඟයක් රට තුළ ඇති වෙනවා.  පරාජිත යහපාලකයෝ අලුතෙන් පත්වුණු ආණ්ඩුව ඉක්මණින්ම බිම දමාගන්න හැදුවේ ඒ විදියට.

2015දී යහපාලන ආණ්ඩුව බිහි වුණේ තනිකරම දෙස් විදෙස් කුමන්ත්‍රණ තුළින්.  2019 ජනාධිපතිවරණයෙන් ඒගොල්ලො පැරදුනයි කියලා ඒක නම් නැවතුනේ නැහැ.

අලුත් ජනාධිපතිතුමා ධූරයේ දිවුරුම් දීලා ගතවුනු පළමු දවස් දෙක තුන ඇතුළත අපි දැක්කා අමුතු අමුතු මාධ්‍ය වාර්තා පළ වෙනවා. එයින් එකක කියවුනේ ලකුණු කරපු පදික මාරුවකින් මිස, අවිධිමත් විදිහට පාර හරස් කරන පදිකයින්ට පොලිසිය දඩ ගහන බවයි.  තවත් පුවතකින් කිව්වා කොළඹ සියලුම යාචකයන් අත්අඩංගුවට අරගෙන කඳවුරු වලට දමනව, කෝච්චි ඇතුලේ හිඟා කන අය අත්අඩංගුවට ගන්නවයි කියලා. මේ ඔක්කොම බොරු ප්‍රචාර. ඒ වෙනකොට මේ වගේ ප්‍රමු‍ඛතාවයෙන් අඩු දේවල් ගැන අවධානය යොමු කරන්න අලුත් පාලන අධිකාරියට වෙලාවක් තිබුණෙත් නෑ. මේවායින් කුමන්ත්‍රණකාරයෝ බලාපොරොත්තු වුණේ ජනතාවට ‘සීරුවෙන්’  ඉන්න වෙන දැඩි පාලකයෙක් බලයට ඇවිල්ල තියෙන බව බොහොම සූක්ෂම විදියට හීන් නූල් ප්‍රචාර තුළින්, ජනතාවගේ  සිත් තුළට දාන්න.

අලුත් ජනාධිපතිතුමා බලයට පත්වෙලා දවස් ගණනක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහිල්ලා හිරිහැර කරලා ප්‍රශ්න කරයි කියලා නාටකයක් රඟ දැක්වුණා. ඒ ගැන ඉස්සෙල්ලම පුවත් පළ වුණේ පිටරට. ලංකාවේ මිනිස්සු දැනගත්තේ පස්සෙ. මේ ඔක්කොම  කෙරුණේ  අලුත් පාලනය ගැන  එක්තරා ප්‍රතිරූපයක් ලංකාවේ ජනතාව  අතරෙත්,  ලෝක ප්‍රජාව  අතරෙත් ගොඩනගන්න.  නමුත් මේ සියලුම කුමන්ත්‍රණ අලුත් ජනාධිපතිවරයා බොහොම දක්ෂ විදියට ව්‍යර්ත කෙරුවා.  තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීම බොරුවක් බව විමර්ශන තුළින් ජනතාවටත්,  ලෝකයටත් පෙන්නලා දුන්නා.

හිටපු හමුදා නිලධාරියෙකු යටතේ දරදඬු පාලනයක් පටන් අරගෙනයි කියලා කරන්න හදපු ප්‍රචාරය බොරු කරමින් ජනාධිපති කාර්යාලය වට කරන්න එන සියලුම උද්ඝෝෂණකරුවන්ට ජනාධිපතිතුමා නිදහසේ එන්න දුන්නා.  සියලු දෙනාටම සාකච්ඡා දුන්නා.  සමහර අයට කෑම බීම සංග්‍රහත් ලැබුණා. මොන උද්ඝෝෂණයක්වත් කඳුලු ගෑස් ගහලා,  ජල ප්‍රහාර දීලා නවත්තන්න හැදුවෙ නෑ. දරදඬු පාලනයක් ඇවිල්ලයි කියලා අරගෙන යන්න හදපු හීන් නූල් ප්‍රචාරය ඒකෙන්ම වාෂ්ප වෙලා ගියා.

කොවිඩ් -19  උවදුර පාලනය කරලා සාමාන්‍ය  ජන ජීවිතය ආරම්භ කරපු ගමන්ම, එක පොඩි දේශපාලන කණ්ඩායමක් ඇමරිකාවේ සිද්ධියක් මුල්කරගෙන උසාවියේ වාරණ නියෝගයකුත් නොතකා ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහ උද්ඝෝෂණයක් කරන්න හැදුවාම පොලිසිය ඒගොල්ලන්ව කුදලාගෙන ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කළා.  මේ තනි සිද්දිය මුල්කරගෙන අර 2015 ජනාධිපතිවරණයේදී  බොරු ප්‍රචාර  කරපු පිරිස් ඔක්කොම,  ආයෙමත් රොද බැඳගෙන රාජ්‍ය මර්ධනය ගැන  ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න පටන් ගත්තා.

2014 දී  පහරකෑමකට ලක් වු‍ණයි කියලා ලෙඩ ඇඳේ ඉන්න බොරු වීඩියෝ දර්ශන අධ්‍යක්ෂණය කරලා අතටම අහුවුණු නිලියොත්,  රාජපක්ෂවරුන් පාලනය කරන රටක ඉන්නවට වඩා,  තමන් ඉපදුන ගමන්ම කාණුවට විසි කළේ නැත්තේ ඇයි කියලා අහපු කොන්ඩ කාරයොත් ඔක්කොම අවුරුදු පහකට පස්සෙ ආයෙමත් කලඑළි බැහැලා ඉන්නවා අපි දැක්කා.

නමුත් මේ අය 2015 ඇති කළ යහපාලන ආණ්ඩුව 2019 වෙනකම්ම කළේ උද්ඝෝෂණකරුවන්ට  කඳුළු ගෑස්  ප්‍රහාර හා බැටන් පොලු ප්‍රහාර දෙන එක.  ඒ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාව ලෝටස් පාර හැමදාම යුද පිටියක් වගේ.  යහපාලන ආණ්ඩුව ලෝටස්  පාරේ ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයකට දීපු බැටන් පොලු ප්‍රහාරයක් නිසා ආබාධිත රණවිරුවකුගේ  ඇහැකුත් නැති වුන හැටි ඔබට මතක ඇති. පහුගියදා පොලීසියෙන් කුඳලාගෙන උසාවියට අරන්ගියේ, යහපාලන ආණ්ඩුව කාලේත් ලෝටස් පාරේ නිතරම ජල ප්‍රහාර, කදුළු ගෑස්, බැටන් පොදු ප්‍රහාර කාපු පිරිසක්මයි. යහපාලන අවුරුදු පහේදී උද්ඝෝෂණකරුවන්ට සලකපු විදිය ගැන වචනයක්වත් කියපු නැති අය,  මේ ඇතිවුණු තනි, සුළු  සිද්ධිය උලුප්පලා දක්වනවා.

ඒ ඇතිවුණු සිද්ධිය ගැන ආණ්ඩුවක් හැටියට අපේ පැහැදීමක් නෑ. අපි  ඒක එළිපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඒකට මුල් වුණු කට්ටිය වෘත්තීමය උද්ඝෝෂණකාරයෝ.  ඉතින් ඒගොල්ලන් හොඳට දන්නවා පොලීසිය ප්‍රකෝප කරන හැටි. උද්ඝෝෂණය තහනම් කරලා උසාවිය නිකුත් කරපු නියෝගය පොලිසිය කියෙවුවට පස්සේත් කියනවා,  එහෙම දෙයක් අපිට පෙන්නුවෙ නෑ කියලා.  ඉතින් පොලීසියත්  ඔය උපක්‍රමවලට  අහුවෙන්න හොඳ නෑ.  මේගොල්ලන්ට ඕනේ පොලීසියත්  එක්ක මහ පාරේ  පොරබදින දර්ශන.  එතකොට තමයි ඒගොල්ලන්ගෙ ජීවිකාව තහවුරු වෙන්නේ.

ඒ ඇතිවුණු සුළු සිද්ධිය හැරුණාම මර්ධනයක් කියලා මේගොල්ලන්ට පෙන්වන්න වෙන මොනවත් නෑ.  කොළඹ උද්ඝෝෂණයට එක විදියටත්,  තොන්ඩමන් මහතාගේ මරණයට ආපු පිරිස්වලට තව විදියකටත් සැලකුවයි කියලා ඒගොල්ලො චෝදනා කරනවා. ආරුමුගම් තොන්ඩමන් කියන්නේ උඩරට දෙමළ ජනතාවගේ අසහාය නායකයා. එවැන්නකුගේ මරණයෙන් ශෝකයට පත් වෙලා හිටපු ජනතාව එක්රැස් වීම පාලනය කරන්න අපි නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ප්‍රකාශ කෙරුවාම ඒ ජනතාව ඒක පිළිපැද්දා.  උසාවි නියෝග වලටත් පටහැනිව ලංකාවට කිසිම අදාලත්වයක් නැති පිටරට සිද්ධියක් මුල් කරගෙන පවත්වන උද්ඝෝෂණ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.

මේ ඡන්ද ව්‍යාපාරයේදී, යහපාලකයන් කියන්නේ මොනවද කියලා ජනතාව අවධානයෙන් ඉන්න ඕන. කොවිඩ් – 19  පැතිරීම වලක්වන්න ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රැකියාවට යන්න බැරි අයට අපි රුපියල් 5,000ක දීමනාවක් දුන්නාම,  ඒක මදි,  එක පවුලකට රුපියල් 65,000ක් දෙන්න කියලා  යහපාලන ජනාධිපතිවරණ අපේක්ෂකයා කිව්වා.  කවුරුහරි ඔහුට මෝඩ කතා කියන්න එපා කියල කිව්වට පස්සේ,  ඒ ගාන රුපියල්  20,000  ට බැස්සුවා.  දැන් මේ හැම පවුලකටම රුපියල් 65,000ක්  දෙන්න කියලා අපිට උපදෙස් දීපු අය බලයේ ඉන්නකොට කළේ මොනවද?

ඔබ කාටත් මතක ඇති,  කොවිඩ් -19  වසංගතය එන්න කලින්,  යහපාලන ආණ්ඩුව කාලයේ වගේම,  ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට උද්ඝෝෂණකාරයෝ දිනපතාම  වගේ ආවා.  එයින් වැඩි පිරිසක් ආවේ යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු  පත්වීම් ස්ථිර කරගන්න. ඒ අය මහ හඬින් බැන්නේ අපිට නොවෙයි,  කලින් ආණ්ඩුවට. ඒ තරුණ පිරිස් කිව්වා ඒගොල්ලන්ට බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට ආයෙමත් හම්බන්තොටට එන්න එපා කියලා. ඒ කිව්වා වගේම ඒ යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා ගිහිල්ලා කොළඹින්  මේ පාර තරග කරනවා.

ඉදිරියට එන මහ මැතිවරණය, අත්දුටු හැකියාවට මුල් තැන දීමටත්, යහපාලන බොරුව හා වංචාව පිටු දැකීමටත් සියලුම ඡන්ද දායකයන්ට මහඟු අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමෙන් අපේ රට ලබාගත් ප්‍රගතිය රැක ගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පරිසරයත් ආරක්‍ෂා   කරගනිමින්, ආදර්ශමත් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන මෙන් මම සියලු අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි

ඔබ සැමට තෙරුවන් සරණයි.  දෙවි පිහිටයි.

SendShareShare
Previous Post

ලෝක කුසලානය වික්කාට සංගයි-මහේලයි මහින්දානන්දගෙන් ගේම ඉල්ලයි

Next Post

අපි හැදුවේ පොඩි මිනිහා ගැන හිතන බලවේගයක් (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.