කොරෝනා මර්දනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියකට අනුව සූදානම් කෙරුණු විශේෂ සාකච්ජාවක් සදහා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී නොවී සිටිම මත අගමැතිවරයා දැඩි අපහසුතාවයට පත්වූ සිදූවීමක් වාර්තා වේ.
වාර්තා වන අන්දමට අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් යැවූ ලිපියට ප්‍රතිචාර දක්වා ඇති චීන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීඹට පසුගිය සතියේ දිනයක් යොදාගෙන ඇත.
ඒ අනුව අගමැතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාටත්, මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුලු ඉහළ නිලධාරීන්ට ඊට සහභාගී වන ලෙසත්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසත් දැනුම් දී තිබේ.
කෙසේවෙතත් සාකච්ජාව පැවැති දිනයේදී ඊට චීන තානාපතිවරයාද සහභාගීව සිටියත් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා හෝ මුදල් අමාත්‍යංශ නිලධාරීන් හෝ සහභාගීව නැති බව දැනගන්නට තිබේ.
මේ තත්ත්වය මත සාකච්ජාව සිදුකරගෙන යාම සදහා අවශ්‍ය කරුණු නොමැතිවීම හේතුවෙන් අගමැතිවරයා දැඩි අපහසුතාවකට පත්ව සිටි බවක්ද දැනගන්නට ඇත.










