පුත්තලම ආනන්ද ජාතික පාසැල අසළ මාර්ගයේ දී නිරෝධායනයට ලක්ව සිටි අයෙකු මරණයට පත්ව ඇත.
හෙට්ටිපොල හෝටලයක සේවය කළ මොහු කොරෝනා රෝගියෙක් හෝටලයට පැමිණීම නිසා එහිදීම නිරෝධායනය කරනු ලැබු අයකු බව පැවසේ.
පසුව නිරෝධායනය අවසන් කර ඉතිරි දින 14 නිවසේ නිරෝධායනයට යොමු කළ යුතු ඔහු මාර්ගයේ මියගොස් සිටියදී සොයාගැනීමට හැකිව තිබේ.
එවන් පුද්ගලයන් පොලිසියට බාර දී නිවසට ගෙනවිත් නිරෝධායනය කරවිය යුතු වුවද මෙලෙස තනිවම මාර්ගයේ මරණයට පත්වුයේ කෙසේද යන්න පිළිබද මෙතෙක් වාර්තා වී නැත.










