නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇඳිරි නීතිය පැනවීම බියගුළු ක්‍රියාවක් බවත්, ජනතාව බය නැතිව අරගලයට එකතු වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
2022 ජූලි මස 08 වන දින
මාධ්‍ය නිවේදනයයි
නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇඳිරි නීතිය පැනවීම බියගුළු ක්‍රියාවකි
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් මානව නිදහස පිළිගන්නා රටක සෑම පුරවැසියෙකුටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් දිනාගැනීමට අරගල සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරදී තිබේ.
එබැවින් නිදහස් සහ සාමකාමී නිරායුධ මිනිසුන්ගේ අරගලය මැඬපැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සැමදා පිළිගත් අයකු ලෙස මා මෙය රජය ගත් බියගුළු ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරමි.
පීඩාවට පත් ජනතාවගේ සැබෑ හඬ යටපත්වීමට ඉඩ නොදී ඇඳිරි නීතිය පසෙකලා තම අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජනතාව හෙට දින (09) ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් උදෙසා නොබියව එකතු වෙනු ඇතැයි මා විශ්වාස කරමි.
මෛත්‍රීපාල සිරිසෙන
හයවන විධායක ජනාධිපති










