පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන නිදහස් දිනය වර්ජනය කරමින් කළු කොඩි ඔසවා විරෝධය පළකිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දහයක් එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය,දෙමළ ජාතික ජනතා පෙරමුණ,දෙමළ ජාතික පක්ෂය, ඊළාම් ජනතා ස්වයංපාලන පක්ෂය ඇතුළු පක්ෂ දහයක් මේ සඳහා සහාය දක්වා ඇතැයි වාර්තා වේ.
යාපනය තරුණ සංස්කෘතික මණ්ඩපයේ දී පසුගියදා (24 වැනිදා) පැවැති සාකච්ඡාවේදී මේ සඳහා එකඟත්වය පළකර තිබේ.








