• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බෝධිසත්වයන්ගේ දේශයේ මහා ජන්දය: තිබ්බතයට නව නායකත්වයක් දෙන සටන

January 26, 2021
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
බෝධිසත්වයන්ගේ දේශයේ මහා ජන්දය: තිබ්බතයට නව නායකත්වයක් දෙන සටන
Share on WhatsAppShare on Facebook

‘විශ්වයේ පියස්ස’ එසේත් නැතිනම් ‘ලෝකයේ පියස්ස’ තමයි මෙම අපූරු දේශයට කියන අලංකෘත නාමය. හිමාලයේ මහා ගිරි, ශිඛරවලින් වටකරගත් මෙම දේශය අතිශයම රමණීය දසුන් මවන, දෙනෙත් වශීකර ගන්නා සුන්දර බිම්කඩකි. භක්තිවන්ත බෞද්ධයන්ගේ තෝතැන්නක් වූ මෙම දේශය තුළ ඇත්තේ නිර්මල වූ බුදුදහමකි. කුමක්ද මේ අපූරු රාජ්‍යය? එය නම් අප හොඳින් අසා හුරුපුරුදු ටිබෙට් දේශයයි. එනම් ටිබෙට් රාජ්‍යය තුළින් මේ දිනවල අසන්නට ලැබෙන සුවිශේෂී වගතුග කුමක්ද?

එම රටේ පැවැත්වීමට යන මහා මැතිවරණයක කතාන්දරය ගැන එසේ අසන්නට සිදුවී ඇත. එරට පාලනය උදෙසා නව නායකයන් තෝරා ගැනීමේ ඡන්ද සටනක් දැනට බොහෝ උණුසුම්ව දියත්වී ඇත.
2021 නව වසරත් සමඟ ටිබෙට් රාජ්‍යයේ දැනට ආරම්භ කෙරී ඇති උණුසුම්ම ක්‍රියාවලිය වන්නේ මෙම මහා මැතිවරණයයි. ටිබෙටයේ පාර්ලිමේන්තුව හඳුන්වන්නේ ‘මධ්‍යම ටිබෙටියානු පරිපාලනය’ ලෙසිනි. මෙම පාලන තන්ත්‍රය සඳහා වසර 4කට වරක් නියෝජිතයන් තෝරාගනු ලබන අතර, රටේ ප්‍රධාන නායකයාද පත්කරනු ලැබීම සිදුකරයි. එනම් එරට ජනාධිපතිවරයා හඳුන්වනු ලබන්නේ ‘සික්යොන්ග්’ ලෙසිනි. මෙවර මැතිවරණය වට තුනකින් පවත්වනු ලබන අතර, එහි පළමු වටය දැනට ඇරැඹී ඇත. වට තුනම නිමවන විටදී නව ‘සික්යොන්ග්’ වරයකුද පත්කරගනු ලබයි.

දැනට ටිබෙට් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස සිටින්නේ ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිiාලයේ උපාධිධර විද්වතකු වන ලොබ්සන්ග් සන්ගේ වන අතර, ඔහු තම දෙවැනි ධුර කාලයද මේ වන විට නිම කරමින් සිටියි. ඔහු චීනයේ විරෝධය නොතකා පසුගිය වසරේදී ඇමෙරිකානු සහයෝගිතාව ලබන ටිබෙට් ප්‍රතිපත්ති සහ සහාය පනත සම්මත කරගැනීමට කටයුතු කළේය. මේ මඟින් ටිබෙටය තුළ ඇමෙරිකානු ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරිණි. මෙය සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සමහර පාර්ශ්ව විසින් දකින ලද අතර, තවත් සමහර පිරිස් ප්‍රකාශ කර සිටියේ එම ක්‍රියාවලිය කෙළින්ම ‘මධ්‍යම ටිබෙටියානු පරිපාලනය’ කෙරෙහි බලපාන බැව්ය. මෙම රාජ්‍ය පාලන ක්‍රමයට අනුව ටිබෙට්හි ජනාධිපතිවරයාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 45 දෙනකු තෝරා පත්කර ගන්නවා ඇත. එසේම මෙම ආසන 45න් ආසන 02ක් කාන්තාවන් සඳහා වෙන්කර ඇත.
ජනතාවගේ ජනප්‍රිය ඡන්දය මත පදනම්ව ටිබෙට් දේශයේ ජනාධිපතිවරයා නොහොත් ‘සික්යොන්ග්’ තෝරාගැනීම සිදුකරනු ලබයි. මෙවර එරට ජනාධිපති ධුරයට අපේක්‍ෂකයන් 08 දෙනකු ඉදිරිපත්ව සිටියි. ටිබෙට් මැතිවරණයේ විශේෂත්වය වන්නේ, එරට ජනතාවට අමතරව විදේශයන්හි වෙසෙන ටිබෙට් ජාතිකයන්ටද ඡන්දය ලබා දීම සිදුකළ හැකිය. ඒ අනුව දැනට විදෙස් රටවල ටිබෙට් ජාතිකයන් 1,30,000ක් පමණ සිටින අතර, මෙයින් ඡන්දය ලබාදීම සඳහා පුද්ගලයන් 79,697ක් ලියාපදංචි වී ඇත. මෙ මපිරිසෙන්ද බහුතරයක් වෙසෙන්නේ ඉන්දියාවේ වන අතර, එම පිරිස 55,683ක් වෙයි. රටින් පිටුවහල්ව සිටින ටිබෙට් ජාතිකයන්ට පවා මැතිවරණය ඉතා වැදගත්ය යන සිද්ධාන්තායෙහි ටිබෙට් පාලන තන්ත්‍රය සිටින අතර, ඒ මඟින් ජනතාවගේ වරම තවදුරටත් තහවුරු වෙයි. මෙය පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් ලෙසද සලකනු ලබයි. කෙසේ හෝ මෙවර ටිබෙට් මැතිවරණය බොහෝ උද්වේගකර, තරගකාරී එකක් වනු ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයන් ප්‍රකාශ කර ඇත.

ටිබෙට් දේශය සඳහා යම් සිංහල හුරුවක් ඇතිව ප්‍රකාශිත වන තවත් නාමයක් ඇති අතර, එය නම් ‘තිබ්බතය’ යන්නය. පැරැණි පාලි, සංස්කෘත බෞද්ධ ග්‍රන්ථවල මෙලෙස ‘තිබ්බතය’ යන්න සඳහන් කර ඇත. එහෙත් කෙසේ වෙතත් මෙම දේශය ලොව වටා හඳුන්වන්නේ ‘ටිබෙට්’ ලෙසිනි. මෙම ලිපියේද අප මුලින් ටිබෙට් මැතිවරණය ගැන කතා කළත්, ටිබෙට් රාජ්‍ය ගැන කතා කිරීමේදී කිසිවිටෙකවත් අමතක කළ නොහැකි නාමයක් ඇත. ලොව දෙකෙලවරම දන්නා එම මහා නාමය වන්නේ ‘දලයි ලාමා’ ය. දැනට 85 වැනි වියෙහි පසුවන ‘දලයි ලාමා’ ටිබෙට් රටේ උත්තරීතර ආගමික නායකයා වෙයි. එනම් බොහෝ විට බෞද්ධ සාරධර්ම සහ සම්ප්‍රදායන් නියෝජනය කරමින්, බොහෝ ස්ථාවර වූ මහායන බුදුදහමක් ඇති ටිබෙට් දේශයේ ආත්මික බෞද්ධ නායකයා වන්නේ දලයි ලාමාය. දලයි ලාමා යනු මෙම බෞද්ධ නායකයාගේ නම නොවන අතර, එය තනතුරක නාමයකි. එනම් මෙතෙක් අතීතයෙහි සිට ටිබෙට් දේශයේ දලයි ලාමාවරුන් 13 දෙනකු සිට ඇති අතර, මෙකල සිටින්නේ 14 වැනි දලයි ලාමාය. ටිබෙට් දේශය තුළ දලයි ලාමා කෙතරම් පූජනීයත්වයෙන් සලකන්නේද යත් දැනට ජීවත්ව සිටින බෝධිසත්වයන් වන්නේ උන්වහන්සේ යැයි ජනතාව විශ්වාස කරති. බුද්ධත්වයට පැමිණීමට පෙරුම් පුරණා ශාස්ත්‍රවරුන්ට ‘බෝධිසත්ව’ යැයි පැවසෙන අතර, එරට බෞද්ධ ජනතාව දලයි ලාමා හඳුන්වන්නේ ‘අවලෝකිතේශ්වර’ බුදුන් වහන්සේගේ ප්‍රභවයක් ලෙසය. මෙලෙස ලියා තබන ටිබෙට් දේශයේ මැතිවරණ කතාව සඳහා මෙම දලයි ලාමාතුමාගේ වගතුගද ඉතාමත් වැදගත් වෙයි. එනම් මෙහි අපූරු වගතුග වන්නේ මෙම මහා බෞද්ධ නායකයා එරට දේශපාලනයටද සම්බන්ධව සිටීමය. එය විටෙක දිගු ඉතිහාසයක් වුවද මෙහිදී අප එය සැකෙවින් සොයා බලමු.

ටිබෙට් දේශය යනු වසර දහසකට ආසන්න කාලයක් දලායි ලාමාවරුන් විසින් පාලනය කරන ලද රටකි. එනම් එරට සියලු සාමාජයීය සහ දේශපාලනික ක්‍රියාදාමයන්ද පාලනය කරනු ලබන්නේ දලායි ලාමාවරුන් විසින් වන අතර, රටේ නායකයා වන්නේද ඔවුන්ය. මේ ආකාරයට වත්මන් 14 වැනි දලායි ලාමාතුමාද 1959 සිට 2012 දක්වා වසර 53ක් නොකඩවා එරට නායකයා ලෙස කටයුතු කළේය. එනම් එරට සියලු පරිපාලනමය කටයුතු සිදුකෙරුණේ ඔහුගේ නායකත්වය යටතේය. වත්මන් දලායි ලාමාතුමා එරට ජනතාවගේත්, ලෝකයේ අන් රටවලත් බොහෝ ගෞරවාදරයට පාත්‍ර වූ නායකයකු විය. ඔහු තමන්ගේ රටේත්, ලෝක සාමයත් උදෙසා සිදුකරන ලද සුවිශේෂී මෙහෙවර උදෙසා 1980 වසරේදී කීර්තිමත්, අද්විතීය නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය. කෙසේ හෝ 2012 වසරේද දලායි ලාමාතුමාගේද ප්‍රධානත්වයෙන් ටිබෙට් දේශයට නව දේශපාලනික මුහුණුවරක් හඳුන්වා දුන්නේය. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ටිබෙට් දේශයට මහ මැතිවරණයක් හඳුන්වා දී 2012 වසරේදී නව ප්‍රථම ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගන්නා ලදී. දැනට ජනාධිපති ධුරයෙහි සිටින ලොබ්සන්ග් සන්ගේ එම ප්‍රකට දේශපාලකයාය.
ටිබෙට් දේශයේ වත්මන් පාලන තන්ත්‍රය වන ‘මධ්‍යම ටිබෙටියානු පරිපාලනය’ (ක්‍ැබඑර්ක ඔසඉැඒබ ්ාපසබසිඑර්එසදබ) සඳහා අනුබද්ධිත වන ප්‍රධාන මූලස්ථානය ඇත්තේ ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ, ධර්මශාලා අගනුවර වෙයි. එය අධිකරණ ශාඛාවක්, ව්‍යවස්ථාදායක ශාඛාවක් සහ විධායක ශාඛාවකින්ද සමන්විතය. ටිබෙට් රටේ මැතිවරණය පැවැත්වෙන්නේ රටින් පිටදී සිදුකෙරෙන මෙවැනි පාලන ක්‍රමයක් හරහා වීම විශේෂත්වයකි. මෙයට වසර දහස් ගණනකට උඩදී ටිබෙට් රාජ්‍යය යනු චීනයට අයත් දේශයක් යැයි ප්‍රකාශ විය. කෙසේ හෝ පසුකාලයකදී ටිබෙට් රට චීනයෙන් වෙන්වුණු ස්වයං පාලන ප්‍රදේශයක් බවට පත්විය. 1959දී පිහිටුවන ලද මධ්‍යම ටිබෙට් පරිපාලනය චීනය විසින් නිල වශයනේ පිළිගෙන නොමැත. කෙසේ හෝ මෙවැනි වටාපිටාවකදී ටිබෙටය ගැන සඳහන් කරනු ලබන අපූරු පුවත වන්නේ, ටිබෙට් රජය යනු ‘ටිබෙටයෙන් පිටුවහල් කරන ලද රජයක්’ (ඔසඉැඒබ ඨදඩැරබපැබඑ සබ ෑංසකැ) ලෙස සැලකීමය. එනම් එහි පාලන කටයුතු ඉන්දියාවේ සිට සිදුකිරීම එයට හේතුවයි. එසේ වුවද ටිබෙට් රාජ්‍යයේ සියලුම පරිපාලනමය කටයුතු සඳහා අධිකාරීත්වය දරන්නේ එම පරිපාලනයයි. මෙය සැබැවින්ම වෙනත් රටක දක්නට නොහැකි වෙනස් පාලන රටාවකි.

කෙසේ හෝ මේ වන විට ටිබෙටයට ඉතාමත්ම ප්‍රබලව සහයෝගය දක්වන රටවල් දෙක වන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාවය. මේ නිසා චීනය නිරන්තරයෙන් සිටින්නේ දැඩි විරෝධයකිනි. මේ නිසා චීනය ඕනෑම අවස්ථාවකදී ටිබෙටයට එරෙහිව බරපතළ සම්බාධක පැනවිය හැකිය. 2012 වසරෙන් පසුව 2016 වසරේදී පැවැති මහ මැතිවරණයේදීද වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ අතර, ඔහුගේ ධුර කාලය මේ වසරේදී නිමාවට පත්වෙයි. මෙවර ජනාධිපති ධුරය සඳහා ටිබෙටයේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිහිපයක අපේක්‍ෂකයන් 08 දෙනකු තරගවදින අතර, ඉන් දෙදෙනෙකු දලායි ලාමාතුමන් විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයන් වෙයි. මේ නිසා 2021 මැතිවරණය බොහෝ තරගකාරී එකක් වනු ඇතිය. එසේම දැනට පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන්, මෙවර මැතිවරණය එම සෞඛ්‍ය නීති-රීතිවලට අනුව පැවැත්වීමටද ටිබෙට් රජය තීරණය කර ඇත.‍‍

මහ මැතිවරණය සඳහා ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම පසුගිය දෙසැම්බර් 28 වැනිදා අවසන් කෙරුණු අතර, මැතිවරණය වට 03කින් පැවැත්වෙයි. ඒ අනුව දැනට පළමු වටය ආරම්භ කෙරී ඇති අතර, එහි ප්‍රතිඵලය පෙබරවාරි 08 වැනිදා ප්‍රකාශයට පත්කෙරෙයි. දෙවැනි සහ අවසාන වටය අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙන අතර, 2021 මැයි 14 වැනිදා අවසාන ප්‍රතිඵලය නිකුත් කරනු ඇතිය.

පරිවර්ථනය ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මිලින්දගේ ‘කැබිනට්’ කෑල්ලට ඉන්දියාව බෑ කියයි

Next Post

නිදහස් දා උතුරේ යකා නටන සැලසුමක්

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.