2011ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය මුදලට විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් තමන්ට නොමැති බව වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.
මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ අලුත්ගමගේ මහතා මෙම චෝදනාව කළ සැණින් තමන් ඒ පිළිබදව සොයා බැලූ බවත්, තමන්ට ඒ පිළිබදව පෞද්ගලිකව කිසිදු සාක්ෂියක් නොලැබුණු බවත්ය.
එමෙන්ම මේ පිළිබදිව තමන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන්ද විමසීමක් කළ නමුත් ඔවුන්ට හෝ ඒ පිළිබදව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව අලහප්පෙරුම මහතා කියා සිටියේය.
තුන්වෙනුව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමර්ශනයක් ආරම්භ කර ඇතිද යන්න සොයා බැලූ නමුත් එවැනි පරීක්ෂණයක් හෝ ආරම්භ වී නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා කීය.
නමුත් අලුත්ගමගේ මහතා සිදුකළ චෝදනාවේ බරපතළකම නිසාම තමන් මේ පිළිබද විමර්ශනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවත්, සංගක්කාර යනු ලෝකයම දන්නා ප්‍රතිරූපයක් සහිත ක්‍රිකට් ක්‍රීඩකයකු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.