තලංගම කොස්වත්ත හන්දිය අසලදී නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර ට මෙන්ම රියදුරුට පහර දී ගිනි අවිය කොල්ලකෑ ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
සැකකරු විසින් කොල්ල කන ලද පිස්තෝල අවිය සැකකරු පදිංචි දකුණු තලංගම නිවසේ උඩු මහලේ සඟවා තිබී සොයාගෙන ඇත
ඉකුත් මැයි නම වැනි දින නගරාධිපතිවරයා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී කැබ් රථය නවතා එයට මෙන්ම නගරාධිපතිවරයාට සහ රියදුරුට පහර දී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක මුදලක් සහ ගිනි අවිය කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක දකුණු තලංගම පදිංචි පුද්ගලයෙකි
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ











