වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි.
මෙසේ කපා ඇත්තේ වැව් රක්ෂිතයට අයත් අක්කර දෙකක පමණ තිබු කොහොඹ, මාදං, ඇතුළු ශාකමය අතින් වටිනා ගස් රැසක් බව කියයි.
අදාල රක්ෂිතයේ තිබු මෙම දැවැන්ත ගස් කපා ට්‍රැක්ටර් යොදා ගනිමින් ඇද ඇති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අක්කර 15 කට ආසන්න වපසරියකින් යුත් නාගමඩුව වැව පුත්තලම වනාතවිල්ලුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සුන්දර වැවක් වෙයි.
මෙම නාගමඩුව වැවේ එක් පසකින් මොන්ගිල්ආරු ඔය ගලා බසින අතර ඒ ඔය තුලද තිබු ශාක මෙසේ කපා ඇති ගස් අතරට අයත් බව කියයි.
මෙම වැව් රක්ෂිතය ආසන්නයේ පිහිටි පුද්ගලික ඉඩමක් හිමි පුද්ගලයකු වැව් රක්ෂිතයේ ශාක දරට කැපිමට ලබාදී ඇති බවත් මෙයට පෙර මෙම කන්ද මත තිබු කුඹුක් ගස්ද මෙම පුද්ගලයා කපා දමා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
සිද්දිය වාර්තා විමත් සමග වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන මහතා හා අදාල වසම භාර ග්‍රාම නිළධාරි වරයාද සමග පැමිණ නිරික්ෂණයක නිරත වුහ.
මෙහිදි ප්‍රාදේශීයවරයා මෙහිදී පවසා සිටියේ මෙම රක්ෂිතයේ සිදුකර ඇති කටයුත්ත සම්පුර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවක් බවය.










