ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (Michael Appleton) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විණි.
දෙරට අතර ආර්ථික, දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා නවසීලන්ත මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටු දැකීම උදෙසා නවසිලන්ත රජයේ සහය අපේක්ෂා කළ විපක්ෂ නායකතුමා, රටේ දේශපාලන ස්ථාවරත්වයේ වැදගත්කමද අවධාරණය කරනු ලැබීය.
මෙරට දේශපාලනය තුළ සුවිශේෂී සලකුණක් තබමින් විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රටට අගයක් එකතු කළ බව විපක්ෂ නායකතුමා විසින් සිහිපත් කළ අතර ඊට නවසීලන්ත මහ කොමසාරිස් කොමසාරිස්වරයාගේ ප්‍රශංසාව ද හිමිවිය.