දින 14ක කාලයක් නිරෝධායනය වීමට ඇති අසීරුතාව මත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වීමේ අවදානමක් මතුව ඇති බැවින් ඒ සදහා මැදිහත් වීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ දින 14ක කාලයකට නිරෝධායනය වීමේ මෙම තීන්දුව පිළිබද නැවත සලකා බැලීම සදහා කොරා්නා මර්දනය සදහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය සමග සාකච්ජා කරන ලෙසටය.
බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මේ වනවිට දැනුම් දී ඇත්තේ දින 7ක කාලයක් සදහා පමණක් නිරෝධායනය විය හැකි බවත්, දින 14ක කාලයකට නිරෝධායනය වුවහොත් පළමු ටෙස්ට් තරගය සදහා පුහුණුවීම්වලට ඇති කාලසීමාව ප්‍රමාණවත් නොවන බවත්ය.