• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මික පැණිය ඉවරයි: හදන එක සදහටම නවත්වයි

April 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ධම්මික පැණිය ඉවරයි: හදන එක සදහටම නවත්වයි
Share on WhatsAppShare on Facebook

“දැන් මම බෙහෙත් හදන්නේ නැහැ. බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා. මී පැණි හම්බ වුණත් මම ආයෙත් බෙහෙත් හදන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. මම හැදුවේ ලංකාවේ කොවිඩ් නැති කරන්න. විදේශ විනිමය උපයා දෙන්න. ඒත් රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහිලිකම් කරා” යැයි ධම්මික බණ්ඩාර වෙද මහතා කලකට පසු මාධ්‍ය අමතමින් සදහන් කරයි.

මීට මාස තුනකට පමණ පෙර කෑගල්ලේ පිහිටි වෙද මහතාගේ නිවසටත්, උඩුමාගම දේවාලයටත් වැල නොකැඩි පැමිණි සෙනග අද දක්නට නොමැති අතර වෙද මහතාගේ “ධම්මික පැණිය” පිළිබඳව බොහෝ පිරිස් විවිධ මත පළ කිරීමට පටන්ගැනීමත්, වෙද මහතාගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීමත් මෙන්ම කොරෝනා මඩින එන්නත මෙරටට ගෙන ඒමත් සමග එසේ වැල නොකැඩී පැමිණි ජනතාව පැණියෙන් ඈත්වන්නට පටන් ගන්නා ලදී.

“ධම්මික පැණිය” නමින් ප්‍රසිද්ධව සිටි බණ්ඩාර වෙද මහතා මේ වන විට පැණිය නිෂ්පාදනය කිරීමට භාවිතා කළ භාජන සහ උපකරණ කෑගල්ල ඔත්නාපිටිය සිය නිවසේ පැත්තක අසුරා තිබෙන බව පෙන්වා දෙයි.

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ලබාදුන් කැබලි කරන යන්ත්‍රයද පසෙකට දමා තිබෙන අතර හිස් ගෑස් සිලින්ඩර තොගයක් මෙන්ම හිස් කාලේ වීදුරු බෝතල් දහස් ගණනක් ද දකින්නට ලැබෙන අතර එදා ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් මෙන්ම උදව්වට සිටි සේවකයන්ද අද එහි නැති බව වාර්තා වේ.

බෙහෙත හදන්නට ගොස් තමාට මුහුණ දීමට සිදු වූ ආර්ථික පාඩුව පිළිබඳවද අදහස් දක්වන බණ්ඩාර වෙද මහතා “බෙහෙත හදන්න මුදල් හොයන්න මම මගේ ළඟ තිබුණු වාහන හයක් වික්කා. බැතිමතුන් දුන්න මුදල්, මගෙත් එක්ක වැඩ කරපු අය රත්තරන් බඩු පවා උකස් කරලා සොයාගත් මුදල් මුලින් තමයි මේ බෙහෙත හැදුවේ. වෙන කාගෙන්වත් සල්ලි ලැබුණේ නැහැ. හැමෝම මේ බෙහෙතට අගෞරව කළා මිස කවුරුත් උදව් කළේ නැහැ.” යයිද සඳහන් කරයි.

පැණිය නිෂ්පාදන කිරීමට අවශ්‍ය සාදික්කා කැපීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් යන්ත්‍රයක් ලැබුණා මිස ලක්ෂ 25 ක යන්ත්‍ර ලැබුණෙ නැති බව පෙන්වා දෙන වෙද මහතා සාදික්කා ප්‍රවාහනයට ශීතකරණ පහසුකම් තිබෙන කුඩා ලොරියක් සිය පුතාගේ නමින් ගත්  බවත් ඒ සඳහා රු.ලක්ෂ 25 ක ණයක් ගත් අතර එය දැන් ටික ටික ගෙවන බවද සඳහන් කරයි.

“ධම්මික පැණිය” ලක්ෂ 25 ක පිරිසකට දුන් බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බෙහෙත හරියට පානය කිරීම නිසා කොවිඩ් නොවැළඳුණු බවත් පෙන්වා දෙන වෙද මහතා බෙහෙත් හදන්න අවශ්‍ය දේ ගන්න තමා අද ජීවත්ව සිටින නිවසක් විකිණීමට තීරණය කළ බවද අවධාරණය කරයි.

“ධම්මික පැණිය” දෙවියන්ගේ ඖෂධයක් බව පෙන්වා දෙන වෙද මහතා තමන් කාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් වෛද්‍යවරුන් සුව කරන්න බැහැයි කියපු රෝගීන්ද තමා සුව කර තිබෙන බවද සඳහන් කරයි.

SendShareShare
Previous Post

නාමල් ක්‍රිකට් අර්ජුනට බාර දෙයි

Next Post

ජවිපෙ කරපු වැඩෙන් දේවානිට ෆොටෝ ගැහිල්ල එපා වෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.