ආණ්ඩුවේ ඉහළ පෙළ නායකයන්ගේ සමීපතමයකු ලෙස සැලකෙන ධනසිරි අමරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ තරමක වෙනස් සටහනක් තැබීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ තරමක වෙනස් කතාබහක් මතුව තිබේ.
එම සටහන මෙසේය.
‘කොහෙවත් යන්න නරි නාවනවට වඩා අපේ ගෙදර ඉන්න රැම්බෝව නාවන එක කොච්චර වටිනවද. එයා මාව ආරක්ෂා කරනවා. එයා ලඟ සීමාරහිත ආදරයක් තියනවා. අඩුම ගානේ එයා මාව දැක්කහම නැට්ට හරි වනනවා. අපි නාවපු නරි ගාව ඔය කිසිම දෙයක් නෑ. කොච්චර උඩ දාගෙන නෑවුවත් අන්තිමට උන් අපිට ස්තුති කරන්නෙත් ‘හූ’ තියලා. වැඩක් නෑ’










