• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙල්කඳ පොළේ ලොතරැයිය ඇදුණේ ගෝඨාටද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
දෙල්කඳ පොළේ ලොතරැයිය ඇදුණේ ගෝඨාටද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘සුසිල් ඇමැතිකමෙන් පන්නයි’

මේ, පසුගිය අඟහරුවාදා සියලු මාධ්‍ය වාර්තා කළ ප්‍රධාන පුවතය. ගෝඨා ජනාධිපති ධුරයට පත්වෙලා ගෙවුණු වසර දෙක ඇතුළත ඇමැතිවරයෙක් තනතුරෙන් දොට්ට දාන්න ගත්ත පළමු තීන්දුව මේකය. ඒකට හේතු වශයෙන් ගෝඨා පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්නට යෑමය.

‘ආණ්ඩුවෙ ඉන්නව නම් ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන එකට වැඩ කරන්න ඕනෙ. ආණ්ඩුව විවේචනය කරනව නම් තනතුරුවලින් අයින් වෙලා විපක්ෂයට ගිහින් ඒක කරන්න පුළුවන්. මෙහෙම තනතුරුවලින් අයින් වෙලා ආණ්ඩුව විවේචනය කරනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම නොකර ආණ්ඩුව විවේචනය කරනවා නම් ඒ ඇමැතිවරු අස්කරන්න මම කටයුතු කරනවා…’

මේ, පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගෝඨා සියලු කැබිනට් ඇමැතිවරුන් හමුවේ කෙළින් කියපු කතාවය. ගෝඨා මේ කතාව කීවේ සුසිල් ඒ වෙනකොට පොළේ ගිහින් ආණ්ඩුවට එරෙහිව බරපතළ ප්‍රහාරයක් එල්ල කර තිබියදීය.

මේ ගෙවුණු වසර දෙක තුළ ගෝඨාගේ පාලන විලාසයත්, ගෝඨාගේ ආණ්ඩුවත් විවේචනය කරපු පළමු ඇමැතිවරයා සුසිල් පමණක් නොවේ. කැබිනට් ඇමැතිවරුන් මෙන්ම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුම ප්‍රසිද්ධියේම ආණ්ඩුව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණි. ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන මෙහෙම ආණ්ඩුව විවේචනය කරපු කාලයක් මෑත ඉතිහාසයේ අප දැක තිබුණේ නැත. ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව ඇතුළෙම ඉන්න ඇමැතිවරු කොච්චර ගැහුවාද කියනවා නම් සමහර කැබිනට් ඇමැතිවරු සාමූහික වගකීම කඩා කැබිනට් එකට එරෙහිවම උසාවි යෑමට කටයුතු කළහ.

හැබැයි ගෝඨා කොයි වෙලාවකවත් මේ ඇමැතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ගියේ නැත. ඔවුන් තනතුරුවලින් අයින් කරන්න ගියේ නැත. ඔවුන්ට තමන්ගේ ඇමැතිකමේ කටයුතු කරන්න ඕනෑවටත් වඩා නිදහස ගෝඨාභය ලබාදී තිබිණි. වෙනත් ජනාධිපතිවරු වගේ ඔවුන්ගේ අමාත්‍යාංශවලට ඇඟිලි ගහන්න ගෝඨාභය නිකම්වත් කටයුතු කළේ නැත.

හැබැයි ගෝඨා ජනාධිපතිවරණයට එන කාලයේදී විපක්ෂය නම් චෝදනා කර සිටියේ ගෝඨා ජනාධිපති වුවහොත් මැති ඇමැතිවරුන්ට අබ සරණයි කියාය. කොටින්ම කියනවා නම් විපක්ෂය එදා ගෝඨාභය යකෙකුට ඇන්දෙව්වේය. ඒකාධිපතිවරයකු කර පෙන්නුවේය. දරුණු හිට්ලර් පන්නයේ නායකයකු ලෙස හංවඩු ගැහුවේය. නමුත් විධායක ජනාධිපති ධුරයේ ආරම්භකයා වූ ජේ.ආර්.ගෙන් පසු බලයට ආ වෙනත් කිසිදු ජනාධිපතිවරයකු නොදුන් ආකාරයේ නිදහසක් ගෝඨාභය තමන්ගේ ඇමැති මණ්ඩලයට ලබාදී තිබිණි. ඕනෑ හැටියේ ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස ලබාදී තිබිණි.

ජේ.ආර්.ගේ ජනාධිපති ධුර කාලය ගතහොත් ජනපති පුටුවේ වාඩිවී ටික කාලයක් යන්නට මත්තෙන් දොස්තර නෙවිල් ප්‍රනාන්දු ආණ්ඩුව ඇතුළේ ඉඳිමින්ම ජේ.ආර්.ගේ අයවැය විවේචනය කිරීමට පටන් ගත්තේය. ජේ.ආර්. කළේ එක පෑන් පාරින්ම නෙවිල් ප්‍රනාන්දුව ගෙදර යැවීමය.

ඊළඟට චන්ද්‍රිකාගේ කාලයේදී චන්ද්‍රිකා ශ්‍රීමනී ඇතුළත්මුදලිව ඇමැතිකමෙන් ඉවත් කිරීමට කටයුතු කළාය. ඒ, ආණ්ඩුවේ කැබිනට් රහස් එළියට දෙන බවට චෝදනා කරමිනි.
හැබැයි ගෝඨා අවුරුදු දෙකක් යන තෙක්ම ආණ්ඩුවට එරෙහිව මැති ඇමැතිවරුන් මේ දාන සෙල්ලම් බලාගෙන ඉවසාගෙන සිටියේය. ගෝඨා සුසිල්ව ඉවත් කරන තීන්දුව ගත්තේ ඇමැතිවරුන්ගේ මේ නාඩගම් බලාගෙන ඉන්නටම බැරි තැනය.

අනෙක සුසිල් දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කළේ පළමු වතාවට නොවේ. මීට පෙර අවස්ථා ගණනාවකදීම සුසිල් ආණ්ඩුව විවේචනය කිරීමට කටයුතු කර තිබිණි. වරක් අයවැය විවාදයේදී තමන්ට ලැබුණු විනාඩි කිහිපය උපයෝගී කරගෙන සුසිල් ආණ්ඩුවට රිදෙන්න පහර දුන්නේය. පාර්ලිමේන්තුව වාරාවසාන කළ විට ආණ්ඩුවට ගැහුවේය. නමුත් ඒ කිසිම වෙලාවකදී ගෝඨා සුසිල්ට අත තියන්නට ගියේ නැත.

හැබැයි ගෝඨාගේ සහෝදරයා වූ මහින්ද නම් කටයුතු කළේ මේ විදියට නොවේ. මහින්ද කිසිදු අවස්ථාවකදී ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවට ගහන්න මොන ජගතකුටවත් ඉඩ දුන්නේ නැත. ඒකට හොඳම උදාහරණය මංගල, අනුර, ශ්‍රීපතිය. මහින්දගේ ආණ්ඩු කාලයේදී මංගල, අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති යන තුන්කට්ටුව ප්‍රබල අමාත්‍යවරුන් ලෙස සිටියත්, ඔවුන් ආණ්ඩුව විවේචනය කිරීමට පටන් ගත් පළමු අවස්ථාවේදීම තරාතිරම නොබලා අමාත්‍ය මණ්ඩලයෙන් දොට්ට දැමීමට මහින්ද පියවර ගත්තේය.

ඒ වෙලාවේ විපක්ෂය හිතුවේ මහින්දගේ ආණ්ඩුව මාස දෙකක් යන්නට මත්තෙන් හතරගාතෙන් බිම ඇදවැටෙනවා යැයි කියාය. මංගල, අනුර, ශ්‍රීපතිලා එක්ව ආණ්ඩුව නිකන්ම විපක්ෂයට ලබාදෙනු ඇති බව ඔවුහු සිතූහ.

හැබැයි මහින්දත්, මංගලලාව පන්නන්න ඍජු තීන්දුවක් ගත්තත් ඒ තීන්දුවේ ප්‍රතිඵලය මොකක් වේවිද කියා මහින්දටත් කිසියම් හිතේ චකිතයක් තිබිණි. නමුත් දේශපාලනයේ හොඳ හැටි තේම්පරාදු වූ චරිතයක් නිසා මහින්ද බය නැතිව මංගලලාව එළියට දැම්මා පමණක් නොව විපක්ෂයට ගිහින්වත් මංගලලාට ඔළුව උස්සන්න ඉඩක් තිබ්බේ නැත.
අන්තිමේදී අනුර බණ්ඩාරනායකට සිද්ධ වුණේ යළිත් මහින්ද සමග ෂේප්වී ආණ්ඩුවට එකතු වන්නටය. ශ්‍රීපති අනතුරකින් මරණයට පත්විය. මංගලට ආණ්ඩුවක් හදා ඇමැතිකමක් ගන්න 2015 වන තෙක් සිටින්න සිදුවිය. වැඩිකල් නොගොස් මංගලලාව පන්නන්න මහින්ද ගත් තීන්දුව හරි බව මංගලලාව පන්නන මොහොතේ මහින්දට විරුද්ධ වූ ඇමැතිවරු පවා කියන්නට පටන් ගත්හ.

ඒ නිසා සුසිල්ව ඇමැති මණ්ඩලයෙන් දොට්ට දාන්න ගෝඨා ගත් තීන්දුව විවේචනය කරන කවුරුහරි ඉන්නවා නම් ඒ අයටද ගෝඨා ගත්තේ හරි තීන්දුවක් බව කියන්නට සිදුවන දිනය වැඩි ඈතක නැත. මොකද, ගෝඨා දේශපාලනයේ ගුරුහරුකම් ඉගෙනගෙන තියෙන්නේ තමන්ගේ සහෝදරයාගේ දේශපාලන විශ්වවිද්‍යාලයෙන් වීම ඊට හේතුවය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මෛත්‍රී ගෝඨාට මාතරදී උත්තර දෙයි! ජනමත විචාරණ තියලා කාලය දික්කරගන්න ලෑස්ති වෙන්න එපා! ඒකට ඉඩ දෙන්නෙ නෑ! (VIDEO)

Next Post

ජනපති චීනයෙන් උදව් 3ක් ඉල්ලයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.