නැවත වතාවක් මුණ ගැසී සාකච්ජා පැවැත්වීම සදහා දෙමළ ජාතික සන්ධානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වෙලාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.
ඊට අද (06) හෝ හෙට (07) දින ප්‍රතිචාර දැක්වීමට අගමැතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.
පසුගිය සදුදා දින අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැදවා තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවටද දෙමළ ජාතික සන්ධානය සහභාගීව සිටි අතර ඉන් අනතුරුව අගමැතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ හමුවක් අගමැති නිල නිවෙසේදී පැවැත්වීමට පියවර ගෙන තිබිණ.










