දින 10ක් ඇතුළත කොරෝනා රෝගීන් වෙනුවෙන් ඇඳන් 10,000ක් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි සංවිධාන කටයුතු සිදු කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, වෘත්තීය සමිති , තරුණ හා ස්වෙච්ඡා සංවිධාන, පරිත්‍යාගශීලින්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.












