• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අලුත් අතකට පෙරළෙයි! වතුර බෝතලයෙන් අලුත් සාක්ෂි මතුවෙයි! මරණය වෙද්දී ළඟ සිටි අභිරහස් පුද්ගලයන් දෙදෙනා කව්ද?

April 29, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ෂාෆ්ටර් ඝාතනයේ රහස් හෙළිවෙයි! ඝාතකයා විමර්ශන අංශත් නොමඟ යවලා! ළඟම හිටපු කෙනෙක් ගැන සැක මතුවෙයි!
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය තවදුරටත් ඇත්තේ නොවිසිඳුණු අභිරහසක් ලෙසිනි. මෙම මරණය ගැන මුල සිටම විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨායේ ප්‍රබල සැකයක් බවට පත්ව ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් සිවිල් සමාජය තුළ මුල සිටම තිබෙනුයේ සැකමුසු තත්ත්වයකි.

එය එසේ වූවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුවේ විමර්ශන කණ්ඩායම මුල සිටම දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය ගැන අධිකරණයට පවා විටෙන් විට ඉදිරිපත් කළ කරුණුවලින් පවා පෙනී ගියේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගෙන ඇති බවය. ඒ හැම සාක්ෂියක්ම පාහේ ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ බව සනාථ කිරීමට හැකි සාක්ෂි වූ බැවිනි. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ලෙස මුලින් කෙරුණු විමර්ශන වෙනත් මඟක් ගනිමිනි. ඒ ඔවුන් කරනු ලබන විමර්ශනවලින් හැම විටම එළියට ආවේ එවැනි සාක්ෂි වූ බැවින් විය හැකිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට මුල් අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලබන හැම සාක්ෂියකින්ම පාහේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බවට සැක කරන තොරතුරු එළියට ආවත් සැබෑ ලෙසම දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානි කර ගැනීමක් ද? එසේත් නැතිනම් සංවිධානාත්මකව සිදුවූ මිනිස් ඝාතනයක් ද? යන්න පිළිබඳව අදටත් ඇත්තේ උභතෝකෝටික ගැටලුවකි.

මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් යැයි විමර්ශන නිලධාරින්ගේ පැත්තෙන් ලැබෙන සාක්ෂි මත සැක කරන විට දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ උදවිය නම් තදින්ම විශ්වාස කරනුයේ මෙම මරණය සංවිධානාත්මකව සිදු වූ ඝාතනයක් බවය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා පවුලේ උදවිය අධිකරණය හරහා මැදිහත්වීමක් මේ වන විට සිදු කර ඇත්තේ ඔහුගේ මරණය ගැන සැබෑ තත්ත්වය දැන ගැනීමට ඒ අයටත් ඇති දැඩි උවමනාව නිසා විය හැකිය. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ වන විට අධිකරණය හමුවේ පෙනී සිටින්නේ රටේ නම ගිය දක්ෂ නීතීඥවරයෙකි. ඒ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නය. සියදිවි හානි කර ගැනීමකින් එහා ගිය විමර්ශනයක් බවට දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය දැන් පත්ව ඇත්තේ එබැවිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන සැක කටයුතු තැන් පෙන්වා දෙමින් දැන් එය විනිවිදභාවයකින් යුත් පුළුල් විමර්ශනයක් බවට පත්ව හමාරය. ඒ ජනපති නීතීඥ අනුජ ප්‍රේමරත්න විසින් අධිකරණය හමුවේ විටෙන් විට පෙන්වා දුන් කරුණු මුල් කරගෙනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම අධිකරණය හමුවේ මෙම මරණය සියදිවි හානි කර ගැනීමකින් සිදුවූ බවට කරුණු දක්වන විට ඊට එහා ගිය සිදුවීම් මතුකර ගැනීමට මුල්වන කරුණු පෙන්වා දෙන්නට වූයේ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවන්නේ සැබවින්ම අබිරහස් ගොන්නක් සමඟිනි. එංගලන්තයේ පදිංචියට යාමේ සූදානමින් සිටි ඔහු පසුගිය දෙසැම්බර් 15 වෙනිදා බොරැල්ල පොදු සුසාන භූමියට කොළඹ 07 මල් පාරේ නිවෙසේ සිට එන්නේ සිය මෝටර් රථයේ නැඟී තනිවමය. ඒ එන විට ඔහු කොළඹ 07 මලලසේකර මාවතේ අවන්හලකින් කෙටි ආහාර කිහිපයක්ද මිලදී ගත්තේය. එය රැගෙන බොරැල්ල පොදු සුසාන භූමියට එන ඔහු සිය මෝටර් රථය නතර කරනුයේ ද සුසාන භූමියේ පාළු ස්ථානයකය. එකී තැන ගැන ද ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය විසින් ඔහුගේ දුරකතනයට ඇමතුම් ගත්තේ යැයි කියැවෙන්නේත් එම ඇමතුම්වලට ඔහු ප්‍රතිචාරය නොදැක්වීම හේතුවෙන් සිය ව්‍යාපාර සගයාට ඒ බව පැවසූ බව කියන්නේත් මේ කාලය තුළදීය. අවසානයේදී බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ අබිරහස් සිදුවීමකින් ජීවිතයත් මරණයත් අතර සටනක සිටි දිනේෂ් ෂාෆ්ටර්ව සොයා ගන්නේ එම ව්‍යාපාරික සගයාය. දිනේෂ් ෂාෆ්ටර් පවුලේ සමීපතමයෙක් ද වන මේ තැනැත්තා එහි යන විට මෝටර් රථයේ රියදුරු අසුනේ දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටින්නේ දෑත් ගැටගසා ය. සිරුර වටා ඇත්තේ ඇන්ටනා වයරයකි. දෑත් ගැටගසා තිබෙන්නේ සිප් ටයි පටියකිනි. ඒ වන විටත් දිනේෂ් ෂාෆ්ටර්ගේ නාඩි වැටෙමින් තිබුණු බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලට හැකි ඉක්මනින්ම රැගෙන යෑමට ව්‍යාපාර සගයා පියවර ගත්තේය. ඒ සුසාන භූමියේ සේවකයින් දෙදෙනෙකුගේද සහය ඇතිවය. මෙහිදී සිරුර වටා එතී තිබුණු වයරය ගලවා ඉවත් කිරීමට ඒ අයට හැකිවූවත් දෑත් ගැටගසා තිබුණු සිප් ටයි පටිය ගැලවීම හෝ කඩා දැමීම පහසු කටයුත්තක් නොවීය. එබැවින් ඔහුව රියදුරු අසුනේ සිට ඊට යාබද අසුනට දමාගෙන සුසාන භූමි කම්කරුවන් දෙදෙනාත් සමඟ දිනේෂ් ෂාෆ්ටර්ව කොළඹ ජාතික රෝහලට එම මෝටර් රථයේම රැගෙන යන්නේ ඔහුය. දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැටගසා තිබුණු සිප් පටිය කපා ඉවත් කරනු ලබන්නේ රෝහලේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ හැම දෙයක්ම සැලකිල්ලට ගනිමින් සැකයන් මතු කරන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ අසුන් ගෙන නිවෙසින් රැගෙන ආ ඇන්ටනා වයරය මෝටර් රථයේ රියදුරු අසුනත් සමඟ සිරවන ලෙස ගෙලට දමා පසුව දෑත් සිප් ටයි පටියෙන් ගැටගසාගෙන ගෙල වැලලා ගැනීමක් සිදු කරගෙන ඇති බවය. මේ දේවල් සනාථ කිරීමට හැකි සාක්ෂි රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඉදිරිපත් වන්නට ද විය. දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි මල් පාරේ පිහිටි නිවසේ කාර්යාලයේ මේස ලාච්චුවකින් සොයාගත් සිප් ටයි පටි කිහිපයකුත් නිවසේ තිබුණු ඇන්ටනා වයර් කොටසකුත් ඒ අතර විය. ඒ හැරුණු කොට ආරක්ෂක කැමරා දත්ත මඟින් සොයාගත් තවත් සාක්ෂියක් ඉදිරිපත් කරනු ලබන්නේ දිනේෂ් ෂාෆ්ටර් නිවසේ සිට සුසාන භූමියට පැමිණෙන විට මෝටර් රථයේ දමාගෙන ඇන්ටනා වයරය රැගෙනවිත් ඇති බවටය.

ඒත් එක්කම තවත් සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට ලැබෙන්නට වූයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙනි. ඒ ඔහුගේ සිරුරේ යම් විෂ වර්ගයක් අන්ත ර්ගතව තිබී ඇති බවකි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයේ ඇති දත්ත විශ්ලේෂණයේදී ඔහු මෙම විෂ වර්ගය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් කර ඇති බව පෙනී යන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒත් එක්කම කියන්නට ගත්තේය. ඒ ඔස්සේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නට උත්සහ ගත්තේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගෙන ඇති බවක් මිස ඉන් එහාට අපරාධයක් මෙහි විමර්ශනවලින් මතු නොවන බවකි.විමර්ශන නිලධාරීන් හැමවිටම ඒ හැම කරුණක් ගැනම අධිකරණය හමුවේ පෙන්වා දෙන්නට උත්සාහ දැරුවේ ඔවුන් විසින් හෙළි කරගත් විමර්ශන තත්ත්ව මුල්කරගෙනය.

එය එසේ වූවත් දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති එම විමර්ශන තත්ත්වයන් පමණක් නොව, එම මරණයට හේතුව දක්වමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පවා දැන් ඇත්තේ අධිකරණය හමුවේ අභියෝගයට ලක්වය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව කුමක් දැයි තහවුරු කර ගැනීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පවා පත් කිරීමට අධිකරණයට සිදු වන්නේ එබැවිනි. පංච පුද්ගල එම වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය අසේල මෙන්ඩිස් ය. සෙසු සාමාජිකයන් අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ ඩී.ආර්.සී.ආර්. පෙරේරා, පේරාදණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ඩී.එච්.එච්. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ශිවසුබ්‍රමනියම් සහ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ආර්.රුවන්පුර යන විශේෂඥ වෛද්‍යවරු සිටිති. ඒ අය ඉතා විනිවිධ භාවයකින් යුක්තව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන කරුණු සොයා බලමින් සිටින බව අධිකරණය හමුවේ අනාවරණය වෙමින් ඇති කරුණුවලින් පෙනී යන කරුණකි. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වූ අලුත් කරුණු මතු වන්නේ ඒ ඔස්සේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ලද සාක්ෂි සහ විමර්ශන තොරතුරු ඔස්සේ සැකයන් මතුකරනු ලැබුවේ දිනේෂ් ෂාෆ්ටර් විසින්ම ඔහුගේ දෑත් සිප් ටයි පටියෙන් තද කරගෙන ඇති බවය. ඒ ඔහු ගෙල වටා ඇන්ටනා වයරය සිරකර ගැනීමෙන් අනතුරුවය. එම සිප් ටයි පටිය ප්ලාස්ටික් එකකි. සිප් ටයි පටිය තමාගේම දෑතට දමා පහසුවෙන් සිරකර ගැනීමට නොහැකිය. සිර කළ යුතු වන්නේ එහි එක් කෙළවරක් දත්වලින් තදකර ඇදීමෙනි. එහිදී එම සිප් පටිය තදින් දත්වලින් සිර කිරීමේදී දත් පහරවල් එහි සටහන්ව තිබිය යුතුය. එසේම දිනේෂ් ෂාෆ්ටර් එය තත්වලින් තද කර දතින් ඇද්දේ නම් ඔහුගේ කේටය එහි තැන්පත් වී තිබිය යුතුය. මේ ගැන අධිකරණයේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසිනි. ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයා විසින් යම් විමර්ශනයක් ඒ ගැන සිදු කළ ද එම සිප් ටයි පටියේ දත් පහරක් හෝ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජෛව සාම්පල් කිසිවක් හමුවී නැත. මේ බව පවා අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න විසිනි. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි හානි කර ගැනීමක්ද? අපරාධයක්ද? යන්න ගැන නිගමනයකට එළඹීමට එය ඉතා වැදගත් සාක්ෂියක් වන බැවිනි.

රජයේ රස පරීක්ෂකවරයා සිය විමර්ශනයට ලක්කර ඇත්තේ එම සිප් ටයි පටිය පමණක් නොව, එදා දිනේෂ් ෂාෆ්ටයර් භාවිතා කළ ජල බෝතලය මෙන්ම ඔහු ගෙල සිර කර ගත්තේ යැයි කියනු ලබන ඇන්ටනා වයරයද විද්‍යාගාර පරීක්ෂාවට ලක් කර තිබුණි. ඒ ඔස්සේ සොයා ගනු ලබන්නේ ඒවායේ තැවරී තිබුණු ජෛව සාම්පල් දෙකකි. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජෛව සාම්පල් හා සැසඳුණේ නැත. එසේ නම් එම ජෙව සාම්පල් පිටස්තරයන් දෙදෙනකුගේය.

දැන් හෙළි කර ගැනීමට ඇත්තේ එම ජෛව සාම්පල් හිමි පිටස්තරයන් කවුරුන් දැයි කියාය. මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ දිනේෂ් ෂාෆ්ටර්ව බොරැල්ල සුසාන භූමියේ සිට රෝහලට රැගෙන යාමට සහය වූ සුසාන භූමි සේවකයින් දෙදෙනාගේ ජෛව සාම්පල්ය. එම ජෛව සාම්පල් ජල බෝතලයේත්, ගෙල සිරකර තිබුණේ යැයි කියන වයරයේත්, දෑත් ගැටගැසුණු සිප් ටයි පටියේත් තිබී හමුවුණු ආගන්තුක ජෛව සාම්පල් සමඟ සැසඳුණේ නැත.

ඒ අනුව තවත් දෙදෙනකුගේ ජෛව සාම්පල් පරීක්ෂාවක් කරනු ලබන්නේ ඒ අයගේ ජෛව සාම්පල් හා එම ජෛව සාම්පල් සැසදේ දැයි කියාය. ඒ කොළඹ දකුණ අපරාධ ස්ථාන පරීක්ෂාණාගාර නිලධාරින්ගේය. එම නිලධාරින්ගේ ජෛව සාම්පල් පරීක්ෂා කරන්නට මුල්වන්නේ ආගන්තුක ජෛව සාම්පල් තිබී හමුවුණු එම භාණ්ඩ සියල්ලක්ම පාහේ මෙම නිලධාරීන් අතපතගා තිබුණු බැවිනි. ඒ අයගේත් ජෛව සාම්පල් සැසඳුණේ නැත.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවීමත් සමඟ එහි සැකය මුල් අවස්ථාවේදී එල්ල වූයේ ඔහුගේ ව්‍යාපාර මිතුරෙක් ලෙස කලක් ඉතා ළඟින් ඇසුරු කළ බ්‍රයන් තෝමස් වෙතය. ඔහුගේ ද ජෛව සාම්පල් පරීක්ෂාවක් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලැබෙන්නේ එතෙක් පරීක්ෂා කළ කිසිදු ජෛව සාම්පලයක් ආගන්තුක ජෛව සාම්පල් සමඟ නොසැඳී තිබුණු පසුබිමක් හමුවේය.

ඒ හැරුණු කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමට සම්බන්ධ නිලධාරීන් පස්දෙනෙකුගේත් බොරැල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේත් ජෛව සාම්පල් පරීක්ෂා කිරීමට ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුවය. ඒ ආගන්තුක ජෛව සාම්පල් හමුවූ ඒ සෑම නඩු භාණ්ඩයක්ම පාහේ මෙම නිලධාරීන් විසින් ද අතපත ගා තිබුණු බැවිනි. මේ හැරුණු කොට දිනේෂ් ෂාෆ්ටර්ව රෝහලට ඇතුළත් කළ පුද්ගලයාගේත් දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැටගසා තිබුණු සිප් ටයි පටිය රෝහලේදී කපා ඉවත් කළ රොහල් කාර්ය මණ්ඩල සාමාජිකයා ඇතුළු ඔහුට සාත්තු කිරීමට මැදිහක් වූ හෙද හෙදියන් 10 දෙනෙකුගේත් ජෛව සාම්පල් පරීක්ෂා කිරීමට ද අධිකරණයෙන් නියෝගයක් ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම විසින් කළ වැඩිදුර ඉල්ලීමකට අනුවය.

මේ හැම ජෛව සාම්පලයක්ම පරික්ෂා කරමින් උත්සාහ ගන්නේ ආගන්තුකව ජෛව සාම්පල් දෙක මේ අයගෙන් කාගේ හෝ ජෛව සාම්පල් සමඟ සැසඳේ දැයි තහවුරු කර ගැනීමටය. මෙම උත්සහය වැරදී ගියහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට සිදුවන්නේ සුසාන භූමි සේවකයෙකු විසින් මුල් අවස්ථාවේදී පොලිසියට කර තිබූ ප්‍රකාශයකින් කියැවුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසල සිට ගියේ යැයි කියනු ලබන නාඳුනන පුද්ගලයා කවුරුන් දැයි හඳුනා ගැනීමටය. මෙතෙක් ඒ පැත්ත ගැන යම් විමර්ශනයක් සිදුවී තිබේ දැයි පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් තොරතුරු අනාවරණය වන්නේ නැත. දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය පදවාගෙන සුසාන භූමියට ආ හැටි ගැන ආරක්ෂක කැමරාවක සටහන් වී ඇති බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එම කැමරාවේ ආගන්තුක පුද්ගලයෙක් මෝටර් රථය අසල රැඳී සිටි බවක් හෝ ඒ අසලින් ගමන් කළ බවක් කියන්නේ නැත. ඒ එවැනි දෙයක් කියන්නට තරම් පැහැදිලි රූප දසුන් එම කැමරා කාචයේ සටහන්ව නොමැති නිසා ද? නැතිනම් ඒ බව වඩාත් උනන්දුවකින් සොයා බලා නැති කම නිසාදැයි දන්නේ විමර්ශන නිලධාරීන් පමණි. 

සුසාන භූමි සේවකයා පොලිසියට පවසා ඇති ආකාරයට අනුව එම ආගන්තුක පුද්ගලයාව නැවත දුටුවහොත් ඔහුට හඳුනා ගැනීමට හැකිය. හැඳ සිටි ඇඳුම්වල පාට මෙන්ම හැඩරුවද ඔහු කීවේය. අඩුම තරමින් ඔහු ඒ කියන විස්තරවලට අනුව පොලිසියේ චිත්‍ර ශිල්පියා මඟින් එම රුව සිතුවමකට නැඟූ බවක් වත් දැනගන්නට නැත. මෙවැනි වෙනත් සිදුවීමකදී නම් පොලිසියේ හැසිරීම මෙයට වඩා වෙනස්ය. ඇතැම් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන වැඩි උනන්දුවක් නොදක්වන්නට ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානි කර ගැනීමකින් අවසන් වනු ඇතැයි තමන්ට ලද සාක්ෂිවලින් පෙනෙන්නට වූ බැවින් යැයි අනුමාන කළ හැකිය.

දිනේෂ් ෂාෆ්ටර් සුසාන භූමිය තුළ මෝටර් රථයේ සිටියදී සෙම ආකාරයට වමනය පවා පිටවී තිබුණි. එම වමනය ඔහු හැඳ සිටි ඇඳුමේ ගෑවී තිබුණේය. එම වමනය ද රස පරීක්ෂකගේ පරීක්ෂාවට ලක් විය. ඒතුළ වස අන්තර්ගතව අති බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බව ද අධිකරණයේදී කරුණු දිග හැරී තිබුණි. දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරේ වස අන්තර්ගතව තිබී ඇති බව ඒ අනුව හොඳටෝම පැහැදිලිය. එහෙත් එම වස ඔහුගේ සිරුරට ඇතුළු වූයේ කෙසේ දැයි මෙතෙක් පැහැදිලි අනාවරණයක් නැත. දිනේෂ් ෂාෆ්ටර් වස පානය කළේ නම් හෝ කොළඹ 07න් මිලදී ගත් කෙටි ආහාර සමඟ මිශ්‍ර කර ආහාරයට ගත්තේ නම් එම වස වර්ගය ඔහු රැගෙන ආ ඇසුරුමේ තිබිය යුතුය. දිනේෂ් ෂාෆ්ටර්ගේ අවසාන මොහොතේ රැඳී සිටි මෝටර් රථය තුළ හෝ සුසාන භූමියේ මෝටර් රථය නතර කර තිබුණු ස්ථානය අවට තිබී එවැනි ඇසුරුමක් හමුවූ බවක් මෙතෙක් අනාවරණය වී නැත. එදා ඒ තැන සියුම් පරීක්ෂාවකට ලක් කළේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ය. ඒ අය සෑම තැනක්ම ඡායාරූප ද ගත කර ඇත. එම ඡායාරූපයකවත් සැක යමක් ඇතැයි ඒ අය ද කියන්නේ නැත. ඒ අනුව වස කා ඔහු සියදිවි හානි කර ගත්තේ යැයි කීම ද තවමත් ඇත්තේ ආන්දෝලනාත්මක තත්ත්වයකය. ඒ වස කා මියැදෙනවා මෙන්ම වස කවා මරා දැමීමට පවා හැකියාවත් ඇති බැවිනි.

මෙසේ දිනෙන් දින අලුත් කරුණු මතු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ අබිරහස විසඳීමට බොහෝවිට හැකියාව ඇත්තේ හඳුනා නොගත් ජෛව සාම්පල් දෙක ගැළපෙන පුද්ගලයන් කවුරුන් දැයි හඳුනා ගැනීමෙනි. මේ වන විට උත්සාහ දරමින් ඇත්තේ එම ජෛව සාම්පල් ගැළපෙන පුද්ගලයින් හඳුනා ගැනීමටය. මෙතෙක් කර ඇති ජෛව සාම්පල් පරීක්ෂාවෙන් අඩුම තරමින් එක් ජෛව සාම්පලයක්වත් තහවුරු වී නොමැති පසුබිමක තවත් ජෛව සම්පත් රැසක් පරීක්ෂා කිරීමට ඉතිරිව ඇත්තේය. එම ජෛව සාම්පල් අතරද ආගන්තුක ජෛව සාම්පල් දෙක කාගේ දැයි හඳුනා ගැනීමට නොහැකි වුවහොත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ විමර්ශන තවදුරටත් ව්‍යාකූලත්වයකට පත්වනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ඇමැතිවරියක් විදිහට වගකීමෙන් හැසිරෙන්න! උසාවියෙන් තීන්දුවක් දුන්නා! වහාම සමාව ගන්න! දුලාංජලී ගැන පාර්ලිමේන්තුවේදී ඩයනා කියපු කතාවට හැරෙන තැපෑලෙන් දුලාංජලී ඩයනාට ලියුමක් යවයි! අනුරට වූ දේම ඩයනාටත් වෙයිද? VIDEO

Next Post

නන්දලාල්ගේ කුමන්ත්‍රණකාරී තීන්දුව! රනිල්ගේ ‌කඩවුණු පොරොන්දු! උමතු හැසිරීම්! ණය ප්‍රතිව්‍යුහගත කිරීම! ණය ගැනීම! ජවිපෙ IMF ගිවිසුමට විරුද්ධ වූ හේතු! VIDEO

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.