මැතිවරණය පවත්වන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගයට අනුව මැතිවරණය පැවැත්වීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මුදල් ලබා දිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවත් එස්.එම්. මරික්කාර් මහතා කීය.
අද මහරගම රැස්වීම අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.