විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කිරීමට මීට සුලු මොහොතකට පෙර පැවැති සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමේදී තීරණය කොට ඇත.
මුලදි මෙම තනතුර හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ගයන්ත කරුණාතිලක මහතාට පිරිනැමීමට සූදානම් වුවත් මන්ත්‍රීවරුන් අතිබහුතරයක් සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව කියා තිබුණේ කරුණාතිලක මහතා එම තනතුර දැරීමට නුසුදුස්සකු බවකි.
ඒ අනුව ඔවුන් හරීන් ප්‍රනාන්දු මහතාගේ හෝ කබීර් හෂීම් මහතාගේ නම ඊට යෝජනා කිරීමට සූදානමින් සිට තිබේ.
කෙසේවෙතත් පසුව මෙම විරෝධය හේතුකොටගෙන පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවක් පැවැති අතර එහිදී එම තනතුර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දීමට එකගතාව පළවී ඇත.










