• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් 5ක් ළිඳක හිරවුණු මොරොක්කෝ දරුවා බේරාගනී! ඒත් කනගාටුයි!

February 6, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
දවස් 5ක් ළිඳක හිරවුණු මොරොක්කෝ දරුවා බේරාගනී! ඒත් කනගාටුයි!
Share on WhatsAppShare on Facebook

ලොව පුරා අවධානය යොමු වූ මොරොක්කෝවේ අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට ඇද වැටුණු දරුවා ඉන් පිටතට ගන්නා අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව එරට බලධාරීන් තහවුරු කරයි.

ලොව ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන ද සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට සහ එම මෙහෙයුම් සජීව ලෙස විකාශනය කිරීමටත් කටයුතු කළේය.

දින ගණනාවක් පුරා දිවා රෑ අඛණ්ඩව සිදුකළ ඉතා අසීරු මෙහෙයුමකින් අනතුරුව රයන් ඉන් ගොඩ ගැනීමට ඔවුන්ට හැකිවුණි.

එහෙත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

පෙබරවාරි පළමු වැනිදා පස් හැවිරිදි රයන් අව්රම් මොරොක්කෝවේ චෙෆ්චෞවන්හි කඳුකරයේ පිහිටි ඔහුගේ පියාට අයත් එම ළිඳ අසල සෙල්ලම් කරමින් සිටියදී ඒ තුළට ඇදවැටී තිබුණි.

අනතුරුව පවුලේ සාමාජිකයන් අතුරුදන් වී සිටි රයන් සෙවීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු අදාළ ළිඳ තුළට වැටී සිරවී සිටින බව සොයාගෙන ඇත්තේ ඒ තුළින් පැමිණ ඇති ඔහුගේ කටහඬ අනුව බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

මුල් දිනයේදී කඹයක් ආධාරයෙන් ඔහුව ගොඩගැනීමට උත්සහ කළද පසුව එය ව්‍යර්ථ වී තිබුණි.

එරට මාධ්‍ය වාර්තා කළේ මීටර් 32ක් පමණ ගැඹුරක ඔහු සිරවී සිට ඇති අතර ඔහු මුදා ගැනීමට අපහසු වී තිබුණේ අදාළ ළිඳේ විෂ්කම්භය අඟල් 18කටත් වඩා අඩු වීම හේතුවෙනි.

ඒ අනුව පෙබරවාරි 2 වැනිදා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට රයන් බේරා ගැනීම සඳහා ඔහු සිරවී සිටින ස්ථානයට සමාන්තරව තිරස් අතට අගලක් හෑරීමට සිදුව තිබුණි.

එය ඉතා සංයමයෙන් කරන්නට සිදුවී ඇත්තේ ඒ අවට ප්‍රදේශයේ වූ වැලි සහිත පස හේතුවෙන් පස හෑරීමේදී නායයෑම් අවදානමක් ඇතිවිය හැකි බැවින් යැයි මොරොක්කෝ මාධ්‍ය සඳහන් කළේය.

රයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට කැමරාවක්ද ඔහු සිරවී සිටින ළිඳ තුළට යැවීමට කටයුතු කර තිබූ අතර පසුව එය ළිඳ තුළට වැටීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට අපහසු වී තිබුණි.

ඉන් මුලදී ලබාගත් දර්ශනවල සටහන් වී තිබුණේ රයන් ජීවතුන් අතර සිහි ඇතිව සිටින බව මෙන්ම ඔහුගේ හිසේ සුළු තුවාල කිහිපයක් සිදුවී ඇති බවය.

ඒ අනුව ඔහුට ඔක්සිජන් සහ ජලය සැපයීමට ගළවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ගිලන් රථයක් මෙන්ම හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට ගෙන්වා තැබීමට මොරොක්කෝ බලධාරීන් කටයුතු කර තිබුණි.

රයන් ගොඩගත් වහාම ප්‍රතිකාර සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන් ඒ ආසන්නයේ පිහිටි රෝහල වෙත දන්වා තිබුණු බවද මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

මොරොක්කෝ රජය ප්‍රකාශ කර තිබුණේ රයන් බේරා ගැනීම සඳහා සියලු පරිශ්‍රම දරන බවය.

පෙවරවාරි 3 වැනිදා වන විට මීටර් 22ක් දක්වා ගැඹුරට යාමට දිවා රෑ කටයුතු කළ අතර අනතුරුව පෙබරවාරි 4 වනදා රයන් සිටින ගැඹුරට මීටර් 32ක් දක්වා පැමිණීමට ගළවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පස් කඩා වැටී රයන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේදී කැණීම් කටයුතු නතර කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සිදුව තිබුණි.

කඩා වැටෙන පස් සහ ගල්වලින් රයන් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල කොන්ක්‍රීට් බට එම ස්ථානයට යෙදවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබූ අතර රයන් මුදා ගැනීමේ මෙහෙයුම දැක බලාගැනීම සඳහා විශාල පිරිසක් ඒ අවට ප්‍රදේශයට රැස් වී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පෙබරවාරි 5 වැනිදා වනවිට රයන් සිටින ස්ථානයට තවත් සමීප වීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබුණි.

අනතුරුව යන්ත්‍ර භාවිතයෙන් තොරව සියුම්ව අතින් අඟල හෑරීමේ කටයුතු කිරීමට සිදුවූ බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම එම වාර්තා සඳහන් කළේ, ඒ වන විටද රයන්ට අඛණ්ඩව ඔක්සිජන් සැපයීමට කටයුතු කළ බවය.

පසුව ඔවුන් අඟල හෑරීම නවතා රයන්ට ඍජුව සමීප වීමට කටයුතු කර තිබුණි.

එහෙත් ඒ වනවිටත් පස් දිනක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටි රයන් සඳහටම දෙනෙත් පියාගෙන තිබුණි.

SendShareShare
Previous Post

මහපාන්දර ගෙදරට රිංගූ හොරා යතුර අරගෙන කෝටි 5ක පෙජරෝ එක හොරකම් කරන් ගිහින්!

Next Post

නිදහස් සටනේ වීරයන් මතක් කරමින් අකරගම රෝහලට ගිහින් සජිත් නිදහස සමරයි! (VIDEO & PHOTOS)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.