• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා

March 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්:  කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා
Share on WhatsAppShare on Facebook

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය, මයිලැත්තෑව, වෑවල වැව, හුඹස්ගමුව, දෙහිගහඇළ, අලකොලවැව, සීගිරි මුල්ල ප්‍රදේශවල ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ මහ වනාන්තර සහ කැලෑබද ප්‍රදේශ ඉඩම් කොල්ලකරුවන්ගෙන් බේරා දෙන්නැයි ප්‍රදේශවාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරති.

මේ වන විට ඉතාමත් සංවිධානාත්මක කණ්ඩායමක් මෙම වනජීවී කලාපවල මෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ රක්‍ෂිත හෙළිපෙහෙළි කර ගනිමින් වගා භූමි ආරම්භ කිරීම, නිවාස ඉදිකිරීම මෙන්ම පිටස්තර ප්‍රබල ව්‍යාපාරිකයන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ඇතැම් රජයේ සේවකයන්ට ඉඩම් අලෙවි කිරීම සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ඉඩම් කොල්ලකෑම සහ වනය හෙළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට දැනුම් දුන් විට එම සංවිධානාත්මක කණ්ඩායම් ගම්මුන්ට දැඩි තර්ජන එල්ල කරන බවත් එම නිසා ඔවුන් දැඩි බියකින් සිටින බවත් ඔවුහු පවසති.

එහි පාරම්පරික ගොවිතැන් බත් කරගෙන සිටින ජනතාව කියා සිටින්නේ රජය සතු වන කැලෑ හෙළිපෙහෙළි කරමින්, ඩෝසර් කරමින් ගස් කොලන් සියල්ල විනාශ කර රජයේ රක්‍ෂිතවල කුඩා නිවාස ඉදිකර අලුතින් වගාවන් සිදුකරන බවත් ඒවාට පෞද්ගලික විදුලි වැටවල් ගසා ගැනීම මෙන්ම ප්‍රදේශයේ මහ වනය මැද ලංකා විදුලිබල මණ්ඩලය හරහා කුඩා කණු සවිකොට විදුලි බලය පවා ලබාගෙන ඇති බවත්ය.

ගම්මුන්ගේ දැනුම් දීම මත මෙම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සීගිරිය, මයිලැත්තෑව, වෑවල වැව, හුඹස්ගමුව, දෙහිගහඇළ, අලකොළවැව, සීගිරිමුල්ල ආදී ප්‍රදේශවල රජයේ රක්‍ෂිතවලට අප ගොස් සොයා බැලීමේදී දැකගැනීමට හැකි වූයේ විශාල ඉඩම් හෙළිපෙහෙළි කර වැටවල් ගසා ඇති ආකාරයයි.

එමෙන්ම කුඩා ඉදිකිරීම්ද රැසක් මෙහි දැකගැනීමට හැකි වූ අතර, විදුලිබල මණ්ඩලය මඟින් ගස්වලට විදුලි රැහැන් අදිමින් කුඩා ටකරන් කැබැලිවලින් සවි කෙරුණ ලී කැබැල්ලකට විදුලි මීටර පවා මහ වනය මැද සවිකර ඇති අයුරු දැකගැනීමට හැකි විය.

ඇතැම් ස්ථානවල කුඩා කාමර සාදා මුරකරුවන් යොදවා තිබේ. එම මුරකරුවන් කියා සිටියේ එම ඉඩම දොස්තර කෙනකුට අයත් බවය. වල්අලින් සිටින බව ඔවුහු සඳහන් කළහ.

කිසිදු ඉදිකිරීමක්ද නොමැතිව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙළිපෙහෙළි කරන ලද ඉඩම්වලට විදුලිය ලබා දුන්නේ කෙසේ දැයි ජනතාව ප්‍රශ්න කරති. එමෙන්ම මෙම ප්‍රදේශයේ වල්අලින් ගහණව පවතින බවත් කැලෑ හෙළිපෙහෙළි කිරීම නිසා ප්‍රදේශයේ ගම්මානවලට වල්අලින්ගේ දැඩි තර්ජන එල්ල වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සීගිරිමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩහිටින කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන් අප සමඟ කියා සිටියේ මේ වන විට මෙම ප්‍රදේශවල රජයේ රක්‍ෂිත දිවයිනේ ප්‍රබල ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් අත්පත් කරගෙන ඇත්තේ ග්‍රාම නිලධාරීන්ද සමඟ එක්ව බවය.

ඇතැම් ඉඩම්වලට දිළිඳු පවුල් බව පවසා ව්‍යාජ ලිපිලේඛන, හැඳුනුම්පත් හා පදිංචි සහතික පවා සකසා ඇතැයි උන්වහන්සේ චෝදනා කළහ.

SendShareShare
Previous Post

විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක

Next Post

වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.