සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා හට අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ඇගයීම් කාර්යය පිළිබඳ සම සමාලෝචනයක් සිදු කිරීම සඳහා විශේෂ ආරාධනාවක් ලැබී තිබේ.
ඇගයීම්කරුවන් හය දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ ගෝලීය කණ්ඩායමක එක් සාමාජිකයකු ලෙස මෙම ආරාධනය ලැබී ඇති අතර එහි ඇති විශේෂත්වය වන්නේ දකුණු ආසියාවෙන් ආරාධනා ලැබූ එකම නියෝජිතයා කබීර් හෂීම් මහතා වීමය.
කබීර් හෂීම් මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු මෙන්ම මැතිවරණ මෙහෙයුම් සහ උපාය සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.
එමෙන්ම සජබ ආර්ථික සැලසුම් කම්ටුවේ ප්‍රධානියකු ලෙසද ඒ මහතා ක්‍රියා කරයි.
රටේ දැවැන්ත ආර්ථික අර්බූදයක් මතුව පවතින මෙවැනි අවස්ථාවක විපක්ෂය නියෝජනය කරන සජබ මන්ත්‍රීවරයකු හට මෙවැනි ආරාධනාවක් ලැබීම විශේෂ සිදුවීමක් බව ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.