බස්නාහිර පළාතේ සිට මේවන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මෙම මස 23 වෙනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් පැවසීය.
කෙසේවෙතත් බස්නාහිර පළාතෙන් පිට සිටින සිසුන්ට බස්නාහිර පළාතට ඇතුල්විය නොහැකි බවත්, බස්නාහිර පළාතේ සිටින සිසුන්ට පළාතෙන් පිටවිය නොහැකි බවත් අමාත්‍යවරයා කීය.
එමෙන්ම බස්නාහිර පළාතේ ප්‍රදේශවල පාසල් තවදුරටත් වසා තබන බවද අමාත්‍යවරයා කීය.










