ඉදිරි වසර 2 තුළ කොරෝනා වයිරසය අවසන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කර ඇත.
එහි ප්‍රධානී ටෙඩ්රෝස් අඩනොම් ගේබ්‍රියේසස් ජිනීවා නුවර ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 1918 වසරේ ලොවපුරා පැතිරුණු ස්පැනිෂ් ෆ්ලූ වසංගතය වසර දෙකකින් නිමා වූ අතර නූතන තාක්ෂණය හේතුවෙන් කොරෝනා වසංගතය ඊට අඩු කාලයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.
1918 වසරේ ස්පැනිෂ් ෆ්ලූ වසංගතයෙන් ලොවපුරා මිලියන 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා සදහන් කරයි.
මේ වනවිට කොරෝනා හේතුවෙන් ලොව පුරා ජනතාව ලක්ෂ 08ක් මරණයට පත්ව ඇත.










