නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වීමත් සමග බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව සමග ඇතිවූ මෙම කොවිඩ් පොකුර නිසා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,016ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බවද ඒ මහතා පැවසීය.
අද දිනයේ රාත්‍රී 7.00 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වේ.










