• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තත්ත්වය බරපතළයි: අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

May 24, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
තත්ත්වය බරපතළයි: අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථික තත්ත්වය බරපතළ අර්බූදයක පවතින අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2014දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6%ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ජ‌ේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ත ණය බර 2014 වනවිට 75% දක්වා අඩුවී තිබිණ. කොටස් වෙළෙදපොළේ සමස්ත මිල දර්ශකය 2005දී 1,922ක් වූ අතර 2014 අවසන් වන විට එය 7,299ක් දක්වා වැඩි වී තිබිණ. 2005 දී අමෙරිකානු ඩොලර් 1242ක් වූ ඒක පුද්ගල ආදායම 2014 අවසන් වනවිට 3819 දක්වා තුන්ගුණයකින් ඉහළ නැග තිබිණ. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේද 2006-2014 කාලපරිච්ජේදයේය. මේ සියලුම ආර්ථික ජයග්‍රහණ ලබාගත්තේ 2007 ලෝක ආහාර අර්බූදයත්, 2008 – 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ඡයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක් වූ අතර 2010-2014 කාලපරිච්ඡයේදී එය ඩොලර් 103 ක් විය.

2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුනේය. 2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව  අඩුවී 2019 වන විට 2.3% ක් විය. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී  රුපියල් 130ක් වූ අතර, එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩිවී තිබුණි. රටේ සමස්ථ ණය බර 2014 අවසානයේ  රුපියල් ට්‍රිලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසය වනවිට රුපියල් ට්‍රිලියන 12.89 ක් දක්වා 74.4% කින් වැඩිවී තිබුණි. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍ර වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක විදේශ විනිමය ණය  ලබා ගෙන තිබුණි. මේ ආකාරයට ණය ගත්තද යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින, ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැත. 2014 අවසානයේ 7,299 ක් වූ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වන විට 5,990 දක්වා අඩු විය. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදුවූය්  2015 සිට 2019 දක්වා මුළු කාලපරිච්ඡේදය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය  මිල ඇමෙරිකානු ඩොලර් 60 ක තරම් මැත ඉතිහාසයේ පහතම අගයක පැවතියදීය.

යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ මේ දරුණු ආර්ථික බිඳවැටීමට කිසිදු බාහිර හේතුවක් නොවීය. 2015 හා 2019 අතර ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් වර්ධනය විය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න විය. 2019 නොවැම්බර් 16 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයකි. කොවිඩ් – 19 වසංගතය විසින් මුළු ලෝකයම ගිල ගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය.  කොවිඩ් – 19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වී ඇත. එවන් තත්ත්වයක් යටතේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍ර වෙන නිසා ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වනු ඇත. කොවිඩ්-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණි – ඒ ශ්‍රී ලංකාව ගොඩනැඟීමයි. මේ සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැතිනම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇත.

මෑතකදී, රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, තමන්ගේ වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන්  ඉල්ලීමක් කළ විට, විපක්ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළේය. මෙහිදී සිදුවූයේ හුදෙක්ම ස්වේච්ඡා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක් බව දැන දැනත්, එය අනිවාර්ය වැටුප් කපාහැරීමක් හැටියට ඔවුන් හුවා දැක්වුයේය. ආචාර්ය ජයසුන්දර යනු 2006-2014 කාලයේ මේ රටේ ඇති වූ ආර්ථික පිබිඳීමට දායක වූ ප්‍රධානම රාජ්‍ය නිලධාරියෙකි. එවැනි දක්ෂ නිලධාරීන් තනිකොට පහරදී, ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල අඩාල කිරීම විපක්ෂයේ අරමුණ බව පැහැදිලිය.

මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ්-19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බව අපි වටහා ගත යුතුය. ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා අපගේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මතය. ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිනිය මෑතකදී පවසා සිටියේ ජර්මානු ආර්ථිකය ශක්තිමත්ව තිබුණ අවස්ථාවක කොවිඩ්-19 වසංගතය පැමිණි නිසා ඔවුන්ට එයට මුහුණ දීමට හැකියාව තිබුණු බවයි. නමුත් ලංකාවට මේ වසංගතයට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් යටතේය.

මේ නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුය. කොවිඩ්-19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම්, මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගේ සිට පහළට සියලුදෙනා, ජයග්‍රහනය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ, 2006 – 2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමකි. කොවිඩ්-19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයකි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

SendShareShare
Previous Post

ලංකාවට එරෙහිව නවනීදන් පිල්ලෙයි කොටි සාරියක් ඇඳන් යළි එළියට එයි (PHOTO)

Next Post

අනිල් ජාසිංහ සැරෙන් කියන කතාව (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.