දියතලාව යුද යහමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලයට සහභාගී වීම සදහා දියතලාවට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි කොළඹ බලා පැමීණීම ප්‍රමාද කොට ඇති බව වාර්තා වේ.
ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙනි.
ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරයා කොළඹ බලා රැගෙන ඒමට තවත් ගුවන් යානා දෙකක් රත්මලාන සිට වීරවිල ගුවන් හමුදා කදවුරට ගොස් ඉන්ධන ලබාගෙන වැල්ලවාය ගුවන් හමුදා කදුවුරේ නවතා ඇති බව වාර්තා වේ.
මීට අමතරව මත්තල ගුවන් කොටුපොළේද ගුවන් යානයක් නවතා ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා දියතලාවේ ගොස් නවාතැන් ගෙන සිටියේ දියතලාවේ පුද්ගලික නිවෙසකය.









