ආණ්ඩුවත් සමග යටින් රහස් ගනුදෙනු සිදුකරන හිටපු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න පිළිබදවත්, අවස්ථා දෙකකදීම ඉතා අපහසුවෙන් ලබා ගත් ආණ්ඩු බිද දැමුවේ කව්රුන් විසින්ද යන්න පිළිබදවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
අද අපට ඩීල් දමන බවට චෝදනා කරන පිරිස් එදා මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය පුද්ගලයන් බවත් හෙතෙම සදහන් කළේය.
එමෙන්ම දැනට අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරුන් තිදෙනාම සමගි ජන බලවේගයේ සාමාජිකයන් බවත්, බරපතළ චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයන් අද නිදහසේ සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.










