ඩ්‍රෝන යානා කිහිපයක් පාර්ලිමේන්තු ඉහළ අහසේ සැරිසැරීම හේතුවෙන් ඊයේ (12) දිනයේදී ඒ අවට කිසියම් කලබලකාරී තත්ත්වයක් මතුව පැවැති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ගුවන් ජායාරූප කිහිපයක් ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය විසින් මෙම ජායාරූප ගෙන ඇති බවකි.
මැතිසබයේ අවශ්‍යතාවකට අනුව මෙම ජායාරූප ගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ ඇතුළත දර්ශනද මෙසේ ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන ජායාරූප කොට ඇති බව දැනගන්නට ඇත.










