පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහස්පෙරුම මහතා ඊයේ (01) දින විකාශය වූ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් දැක්වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ. අදාළ වීඩියෝව ද පහතින් නැරඹිය හැකිය.
මේ හැම දෙනාම අනිමිසලෝචනයෙන් බලා සිටියා මහ දැවැන්ත වෙනස්කමක් මේ රටේ වෙයි කියලා. ඒ බලාපොරොත්තුවලට පියාපත් දෙන්න ඔ්නේ.
මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ.
අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා සිදුවෙන්නේ මොකක්ද කියලා.
මම හිතන්නේ IMF එකටවත් බැහැ ඒ විශාල මෙහෙයුම් කරන්න. ඉතිහාසය මේක වාර්තා කරාවි.










