කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විදුලිසංදේශ සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, 2022 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එක් කොටසක් වෙනුවෙන් සත 25 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.
2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදාළ වන ප්‍රථම සහ අවසාන ලාභංශය යි.
සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය, සාමාන්‍ය කොටස් 1,804,860,000 කින් සමන්විත යි.
මේ අනුව කොටසකට සත 25 බැගින් කොටස්කරුවන් වෙත මුදාහරින මුළු ලාභාංශ වටිනාකම රු. මිලියන 451.21ක් බව පැවසෙනවා.










