මොණරාගල නගරයේ වෙළඳ සැලක් ආසන්නයේ වැටී තිබී පවුම් හතර හමාරක් වන රුපියල් ලක්ෂ හතහමාරක් වටිනාකමකින් යුත් රත්තරන් මාල දෙකක් , මුද්දක් , පෙන්ඩන්ට් එකක් අඩංගු රත්තරන් බඩු පාර්සලයක් මොනරාගල ගල්බැද්ද ප්‍රදේශයේ පදිංචි K.M ලක්මාල් දයාරත්න මහත්මාට හමුවී ඇත.
ඔහු මොනරාගල නගරයේ පිහිටි මූල්‍ය ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන ඔහු අද (21) දහවල් පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා නගරයේ පිහිටි ආයතනයක් වෙත යමින් සිටියදී නගරයේ වෙළඳසැලක් ආසන්නයේ වැටී තිබී මෙම රත්‍රං බඩු පාර්සලය හමුවේ ඇත. ඔහු එම අවස්ථාවේම මොණරාගල මූලස්ථාන පොලීසියට ගොස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක P.S.C සංජීව මහත්මා හමුවී ඔහුගේ උපදෙස් මත එම රත්තන් බඩු තොගය මොනරාගල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදී.
මෙවන් වූ කාල වකවානුවක් තුළ K.M ලක්මාල් දයාරත්න මහත්මා සිදුකළා වූ මෙම සත්ක්‍රියාව මුළු මහත් සමාජයටම ආදර්ශමත්ය එමෙන්ම ඔබ සිදුකල උතුම් සත් ක්‍රියාව අප මුළු හදවතින්ම අගය කරමු….![]()
(සටහන සහ ජායාරූප ඉදුණිල් විජේනායක මොණරාගල )









