බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවට පාස්කු වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීම පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවද එමගින් නිර්දේශ කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මේ වන විට ඥානසාර හිමියන් 2013 වසරේදී මහරගම සහ අලුත්ගම ප්‍රදේශවල සිදුකළ දේශන පිළිබඳව සොයා බලමින් සිටින බවද දැනගන්නට ඇත.
පසුගියදා පළවූ ‘ද මෝනින්’ පුවත්පතේ මුල් පුවත මගින් මේ බව අනාවරණය කොට තිබේ.










