අද (04) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට විපක්ෂයේ පක්ෂ නායකවරුන් විශේෂ ස්තූතියක් සිදු කොට තිබේ.
ඒ, විපක්ෂය විසින් කොරෝනා සම්බන්ධයෙන් ගෙන එනු ලැබූ යෝජනාව කිසිදු විරෝධයකින් තොරව විවාද කිරීම සදහා ඉඩ ලබා දීම සම්බන්ධයෙනි.
ඒ අනුව අද පැවැති පක්ෂ නායක රැස්වීම කිසිදු ගැටුමකින් තොරව සාමකාමීව පැවැති බව දැනගන්නට ඇත.










