විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය Online ක්‍රමයට ලබාගෙන දින තුනකින් ගමන් බලපත්‍රය තැපෑලෙන් නිවසටම යොමුකරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. (Sri Lanka Latest News)
දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හඳුනාගෙන, ඇඟිගි සලකුණු යන්ත්‍ර සවිකර, නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත්, ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟලි සලකුණු ලබාදී මුදල් Online ක්‍රමයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයැදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය මහතා කීය.
ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ නිවසට යොමු කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.










