ඉකුත් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ඇතුළත් වීඩියෝවක් එක්සත් ජාතීන්ගේ මිනව හිමිකම් මණ්ඩලය මගින් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව එම කොමිසම වෙත සිය විරෝධය පළ කොට ඇත.
මේ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.
“මෙම ට්විටර් පණිවිඩය මේ සම්බන්ධයෙන් දක්වා ඇති ක්‍රියා පටිපාටියෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීමකි. එය මුළුමනින්ම පක්ෂග්‍රාහීයි ’’ යනුවෙන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.
මෙම මස අවසානයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව දැඩි යෝජනාවක් ඉදිරිපත් වනු ඇති බවක් දැනටම ප්‍රකාශයට පත් වී ඇති අතර ඊට ආරම්භයක් ගැනීමක් වශයෙන් මානව හිමිකම් කොමිසම විනාඩියයි තත්පර 28ක වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.










