මෙවර ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාව සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් පිටු 30ක අතිශය රහසිගත වාර්තාවක් එම කොමිසමේ මහකොමසාරිස්වරයා විසින් ලංකා ආණ්ඩුවට එවා ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ මෙම රහස්‍ය වාර්තාව ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලැබී ඇති බවද දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් මානව හිමිකම් කොමිසමේදී යම් රටකට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට පෙර ඊට සම්බන්ධ චෝදනාවල සම්පිණ්ඩනයක් අදාළ රට වෙත ලැබෙන්නට සැලැස්වීම මානව හිමිකම් කොමිසමේ සම්ප්‍රදායය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මඟින් මේ ආකාරයට රහස් වාර්තාවක් විදේශ අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත්තේ එම සම්ප්‍රදායට අනුගතවය.










