• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාති බේද ගිනි නිවපු අරිසිමලේ පොද වැස්ස…

January 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාති බේද ගිනි නිවපු අරිසිමලේ පොද වැස්ස…
Share on WhatsAppShare on Facebook

▪ හාමුදුරුවන්ට දානේ දුන්නේ මුස්ලිම් ජනතාව…
▪ දේහය කරේ තියන් ගියෙත් මුස්ලිම් ජනතාව…
▪ පන්සලට ආරක්ෂාව දුන්නෙත් මුස්ලිම් ජනතාව…

ඔබට මිහිපිට ජීවත් වෙන ගමන් සුරංගනා ලෝකෙක අත්දැකීම ගන්න ඕනේ නම් මම හිතනවා යන්න ගැළපෙනම තැන තමයි අරසිමලෙයි. ඉර පායන මොහොතේ යාන්තම් රිදී පාට වෙච්ච අහසින් මහ මුහුද එක්ක මුළු පොළවම අන්ධකාරේ ගිලිලා තියෙන වෙලාවට තැඹිලි පාට ඉර පලුවක් අරසිමලේට ඈත සිතිජයෙන් මතු වෙලා පේනවා. පාන්දර හතරහමාර පහ විතර වෙනකොට මුහුදේ ඈත තැනක ඉපදිච්ච හීන් හුළං රැළි අරසිමලෙයි මුහුදු වෙරළ හොයාගෙන එනවා. ඒ වෙරළේ නතරවෙන කෙනෙකුට ඈතින් ඉර පායන හැටි හරිම පහසුවෙන් බලන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ අරසිමලෙයි වෙරළ පේන්නේ නැගෙනහිර මුහුද. බටහිර අහසෙන් බැහැලා යන ඉර දකිනකොට දැනෙන විසිතුරු හැඟීමට වඩා වෙනස්ම හැඟීමක් තමයි නැගෙනහිර අහසින් ඉර පූදින වෙලාවට ඒ දිහා බලන් ඉන්නකොට අපිට දැනෙන්නේ. ඒ අත්දැකීම අනිත් හැමතැනකටම වඩා අරසිමලෙයි දී විශේෂයි කියලා මට හිතෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. හැබැයි ජීවිතේ එක වතාවක් කලින් නොකියා නොදන්වාම අරසිමලෙයි වෙරළේ පාන්දර හතරහමාරට පහට විතර නවතින්ට ලැබීම ඒකට හේතුවක් වෙන්නත් පුළුවන්. එක දවසක් අපි අරසිමලෙයි යන්නේ මේ කියන ආරණ්‍ය සේනාසනය හොයාගෙන. හැබැයි ආරණ්‍ය සේනාසනය ගැන කියන්න කලින් අරසිමලෙයි ගැන කියලා ඉන්න ඕනේ කියලා මට හිතුණේ අරසිමලෙයි කියලා කියන්නේ ඒ තරම් විසිතුරු තැනක් හින්දා. කලින් කිව්ව විදිහටම අරසිමලෙයි කියලා කියන්නේ සුන්දර මුහුදු වෙරළක් එක්ක තියෙන අපූරු තැනක්.

අරසිමලේට යන්නේ ත්‍රිකුණාමලයට ගිහිල්ලා, ත්‍රිකුණාමලෙන් පුල්මුඬේට ගිහිල්ලා, පුල්මුඩෙන් දකුණට හැරිලා පොඩි දුරක් ගෙවාගෙන. මේ ගමන යන අපිට වැඩිපුරම හම්බ්වෙන්නේ මුස්ලිම් ජනාවාස. හැබැයි ඒක එහෙම නොහිතා ගියාම අපිට හම්බ්වෙන්නේ ශ්‍රී ලාංකික ජනාවාස. ශ්‍රී ලාංකික ජනාවාස කියන වචනය විතරක් මම මේ වෙලාවේ පාවිච්චි නොකළේ මම මේ කියන්න යන කතාවට මේ මුස්ලිම් ජනාවාස ගැන කියන්නම ඕනේ නිසා. හැබැයි මේ මුස්ලිම් ජනාවාස පහු කරගෙන ටික දුරක් ගියාට පස්සේ අපිට හම්බවෙනවා අර මම කලින් කියපු අරසිමලෙයි මුහුදු වෙරළ. මේ මුහුදු වෙරළට තමයි අරසිමලෙයි කියන නම වැටෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දෙමළ භාෂාවෙන් අරසි කියලා කියන්නේ හාල්වලට. අරසිමලෙයි වෙරළට ගිහිල්ලා වැලි අහුරක් අතට ගත්තම අපිට ඒ වැලි අහුරේ පේන්නේ හාල් අහුරක් වගේ. ඒකට හේතුව මේ අරසිමලෙයි වෙරළේ තියෙන විශේෂත්වයක් කියලයි කාරණා කාරණා දන්නා උදවිය කියන්නේ. කොහොම නමුත් මේ හාල් අහුරක් වගේ අතට ගත්තම දැනෙන මුහුදු වෙරළේ අපි දවසක් නතරවුණේ අරසිමලෙයි ආරණ්‍ය හොයාගෙන යන්න.
ආරණ්‍ය හොයාගෙන යනකොට අපිට ජීවිතේ කවදාවත් නොවින්ඳ විදිහේ රසවත් අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන්. ඒකට හේතුව මේ අරසිමලෙයි ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ ගොඩබිමෙන් වෙන්වෙච්ච, මුහුදට ඈත් වෙච්ච, ගොඩබිමට අයිති නැති, මුහුදටත් අයිති නැති අපූරු දූපතක. ඒ දූපත ගොඩබිමේ ඉඳන් හුඟාක් දුර නෑ. හැබැයි ගොඩබිමට අයිතිත් නෑ. ඒ නිසා මේ දූපතට නොදන්නා කතාවක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. ඒත් ඒ කතාව මොකක් වුණත් ඒක හොයනවට වඩා වැඩ තිබුණු නිසා අපි කෙළින්ම ගියේ ආරණ්‍ය සේනාසනය හොයාගෙන. ආරණ්‍ය සොයාගෙන යනකොට මේ දූපත වටා ගැවසිච්ච ගහකොළ ,වැල් මල් අපිව ආදරයෙන් පිළිගත්තා. මල් උඩ පිනි තුහින තිබුණා. අලුත් මල් හැමදාම පිපුණා. මුහුදේ කරදිය සුවඳ මුහු හුළඟට ඒ මල් සමහර වෙලාවට තෙමුණා. හැබැයි මල්වලට නුහුරු නුපුරුදු කරදිය හීතල ඒ මල් ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා. මේ මල් අතර අපිට හම්බවුණා කවදාවත් කොහේදිවත් ජීවිතේ නොදැක්ක තාලේ කොළපාට මලක්. මල් පෙති කොළපාට වුණහම ඒ මලට නොගැළපෙනවා කියලා කවුරු හරි කොහෙදි හරි කියලා තියෙනවා කියලා අපිට හිතුනට මේ මල අපිට කිව්වා, නෑ ඒක එහෙම නෙමෙයි කියලා. මලකට ඕනේ නම් ඕන විදිහක පාටින් හැඩවෙලා ලස්සනට ඉන්න පුළුවන් කියන එක ඒ කොළපාට මල අපිට කියපු පණිවිඩය. හැබැයි කොළපාට මලකට ආදරය කරලා මේ ගමන නතර කරන්න බැරි නිසා අපි කොළපාට මලත් එක්ක පුංචි කතාවකින් පස්සේ ආයෙත් පටන් ගත්තා ගමන. කොළපාට මල තාමත් එතන එහෙම්මම ඇති. ඒ මල පරවුණහම තවත් කොළපාට මල් අරසිමලෙයි ආරණ්‍ය සේනාසනය වටේ පිපේවි. ඒ මල් එක්ක හාදකම් පවත්වන්න කොළඹ ඉදන් ගියපු තව අය අරසිමලේට යාවි. අරසිමලෙයි කොළපාට මල්වලින් වටවෙලා. මූද කියන කවි ගී සිංදු අහගෙන හීන් හීතලේ කරදිය සුවඳ මුහු හුළගත් එක්ක යාළුවෙලා අදත් මේ දැනුත් ඒ විදිහටම තියෙනවා.
මං පටන් ගනිද්දිම කිව්වා මේ ගමන අරසිමලෙයි ආරණ්‍යයේ සොඳුරු බව විඳින්න ගියපු ගමනක් නෙමෙයි කියලා. අපිට වෙන වුවමනාවකට අරසිමලේට යන්න සිද්ධ වුණත් හැබැයි අද මේ අපි නතර වෙන්නේ අරසිමලෙයි වටේ තියෙන සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර් අපේ මිනිස්සුන්ගේ සමගිය, සමාදානය , එකමුතු බව ගැන කියන්න. මං දන්නවා මේ මාතෘකාව කතා කරන්න ගත්ත ගමන්ම අපේ රටේ ඉන්න සමහර පිරිසකට බොහොම රිදෙනවා. ඒකට හේතුව තමයි සිංහල මිනිහගෙයි, මුස්ලිම් මිනිහගෙයි විරසකෙන් හම්බ කරගෙන කන, ඒ විරසකෙන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දේශපාලකයින්ට මේක බොහොම රිදෙන දෙයක් වෙයි. අද වෙනකොට අපේ රටේ අවුලලා තියෙන ගින්න නිවා ගන්න බැරි වුණොත් ඒ ගින්නෙන් මුළු රටම දැවේවි කියන අනාවැකිය මම මේ වෙලාවේ ඔබට කියන්නේ සංතෝසෙන් නෙමෙයි. මේ මෘතදේහ ආදාහනය කියන ප්‍රශ්නයේදී පවා අපි හැසිරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැනවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ගැනවත්, කොවිඞ් ගැනවත් හිතලා නෙමෙයි කියලා අපිට නම් හිතෙනවා. මේ වෙලාවේ උවමනා වෙලා තියෙන්නේ තව ගින්නක් නිසා ඒ ගින්නෙන් ගොඩ වැඩි කරගන්න ආස කරන දේශපාලකයෝ තමන්ට හිතෙන හිතෙන විදිහට වේදිකා හදාගන්නවා.
අරසිමලෙයි ආරණ්‍ය සේනාසනයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හදිස්සියේ අපවත් වෙනවා. මේ අපවත් වීමත් එක්ක තමයි මේ කතාව මතු වෙලා එන්නේ. කොහොමත් අරසිමලෙයි සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ සිරිත තමයි පාන්දර ඉර එන්නත් කලින් සේනාසනයෙන් එළියට බහින එක. එහෙම බැහැලා උන්වහන්සේලා වඩින්නේ පිඬුසිඟා. මේ විදිහට පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේලාට දන් පැන් පහස විඳින්නට සිංහල ගම්මානයක් හොයාගෙන යනවා නම් කිලෝමීටර් ගාණක් දුරට යන්න වෙනවා. හැබැයි එහෙම සිංහල ගම්මාන හොයාගෙන යන්න උන්වහන්සේලාට ඉඩකඩ තියෙනවා කියලා මං පුද්ගලිකව හිතන්නේ නෑ. උන්වහන්සේලාට යන මග දෙපස මුණගැහෙන්නේ දෙමළ, මුස්ලිම් ජනාවාස. දෙමළ, මුස්ලිම්ය කිව්වට වැඩිමනක් මුස්ලිම් ජනාවාස. ඒ මුස්ලිම් ජනාවාසවල ඉන්න ආදරණීය මුස්ලිම් හිතවතුන් තමයි මේ භික්ෂූන් වහන්සේලාට දනින් පැනින් සංග්‍රහ කරනවානම් සංග්‍රහ කරන්නේ. ඊට අමතරව අරසිමලෙයි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා බලා කියාගන්න එක ඊට වටපිටාවේ තියෙන හමුදා කඳවුරුවල නෝනා මහත්තුරු, මහත්තුරු විසින් සිද්ධ කරනවා ඇති. හැබැයි ගමක් විදිහට අරසිමලේට දන් පැන් පිළිගන්වනවානම් ඒ මුස්ලිම් ජනාවාසවල තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් මේ කතාව ඔබ පිළිගන්නවාද නැද්ද කියන එක මම දන්නවා ප්‍රශ්නයක් කියලා. අපි කොහොම කිව්වත් මුස්ලිම් මිනිස්සු භික්ෂූන් වහන්සේලාට උදව් උපකාර කරනවා, සිව්පසයෙන් සංග්‍රහ කරනවා කියන එක පිළිගන්න අකමැති සිංහලයෝ පිරිසක් දකුණු රටේ ඉන්නවා. ඒක ඒ මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. ඒක තමන්ගේ පුද්ගලික උවමනාවල් මත ජාතිවාදී වුණු, තමන්ගේ පුද්ගලිකත්වය මත මුස්ලිම් මිනිස්සුන්ට අකමැති වුණු, පුංචි කාලේ ඉදන් මුස්ලිම් මිනිස්සුත් එක්ක තරහෙන් ජීවත් වුණු, හිතුවක්කාර පාලකයින්ගේ, ඒ වගේම හිතුවක්කාර මාධ්‍ය ආයතන අයිතිකාරයින්ගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඔබේ හිත ඇතුළේ පැළපදියම් වෙච්ච නපුරු සිතුවිල්ලක්.
දැන් ඒ සිතුවිල්ල හිතේ දරාගෙනම මේ ලිපියත් එක්ක පළවෙලා තියෙන පින්තූර ටික බලන්න. ඔබට මේ කතාව වඩාත්ම ගැළපෙන්නේ පින්තූරත් එක්ක කිව්වම. මේ පින්තූරවල එකක තියෙනවා ඔබට දකින්න ලැබෙන්න ඇති භික්ෂූන් වහන්සේලා පිරිසක් බිම වාඩිවෙලා ඉන්න, ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් පාංශුකූලයට සහභාගි වෙලා ඉන්න පින්තූරයක්. ඒ පින්තූරේ ඈත කොනක තියෙනවා මළසිරුරක් තැන්පත් කරලා තියෙන ආකාරයේ පෙට්ටියක්. මේ සියල්ල අයිති අරසිමලෙයි ආරණ්‍ය සේනාසනයට. මේ භික්ෂූන් වහන්සේලා අයිති ශ්‍රී සම්බුද්ධ ශාසනයට. එතකොට ඔවුන්ට පිටස්තරයෙන් වාඩිවෙලා ඉන්න මේ සුදු ඇදගත්ත පිරිස කවුද? මේ මිනිස්සු අයිති බොහෝ දෙනෙක් අපේ කියලා නොහිතන මුස්ලිම් ප්‍රජාවට. ඔය මළසිරුරු ආදාහනය කරන එකට අකමැති මුස්ලිම් ආගමට. ඒක ඔබට දැක්ක ගමන් තේරෙනවා. ඒ අයගේ ශරීර භාෂාව වෙනස්. ඒගොල්ලෝ රැවුල වවලා ඉන්නේ. බොහෝ දෙනෙක් හිස්වැසුම් පළදගෙන ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ඇදුම වෙනස්. ඒ නිසා ඔබ දන්නවා මම මේ කියන්නේ බොරුවක් නෙමෙයි. මේ සා විශාල පිරිසක් සහිතව පින්තූරයක් අරගෙන ඒක පළකරන්න බැරි බවත් ඔබ දන්නවා. මේවා රඟපෑම් නෙමෙයි. මෙ මුස්ලිම් ජනතාව අතරින් සමහර අය තමන්ගේ හිස්වැසුම් ඉවත් කරලා ඉන්නවා. සමහර අය හිස්වැසුම් සහිතවම ඉන්නවා. ඒක ඒ ගොල්ලන්ගේ ආගමේ හැටි. හැබැයි මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ අරසිමලෙයි ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරලා අපවත් වී වදාළ භික්ෂූන් වහන්සේ නමකට අවසන් ගෞරව දක්වන්න කියලයි අපිට දැනගන්න ලැබුණේ. ඒ කතාව කොහොම වෙතත් මේ ජනතාව සහභාගි වෙලා ඉන්නේ භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ අවමංගල්‍යය සදහා බව ඉතාම පැහැදිලිව ඔබට තේරුම් යන කාරණයක්.
ඒ වගේම මේ අතර තව පින්තූරයක් තියෙනවා ඔබට පේනවා ඇති. ඒ මළසිරුරක් බහාලූ පෙට්ටියක් කර තබාගෙන යන මුස්ලිම් ජනතාව. මේ ජනතාව මුස්ලිම් අය බව ඔබට පැහැදිලියි. ඉන් එක් අයෙක් යන්නේ කදුළු පිහමින්. මේ සාම්ප්‍රදායික මුස්ලිම් කෙනෙක්ගේ මළසිරුරක් රැගෙන යන ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් තමයි මේ මළසිරුර රැගෙන යන්නේ. ඒ තමයි අරසිමලෙයි ආරණ්‍යයේ වැඩ වාසය කරමින් හිටපු භික්ෂූන් වහන්සේ. උන්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගි වෙන මුස්ලිම් ජනතාව මේ මිනී පෙට්ටිය තමන්ගේ කර මතින් රැගෙන යන ආකාරයයි ඔබ තව පින්තූරෙකින් දකින්නේ. මෙහෙම පින්තූර අපේ රටේ ඕන තරම් තියෙනවා. ඒවා සමහරවිට සමහරුන්ගේ ජංගම දුරකථනවල පරිස්සම් වෙලා ඇති. සමහරුන්ගේ හදවතේ පරිස්සම් වෙලා ඇති. එදා මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවෝ අපවත් වෙච්ච වෙලාවේ ඒ වෙලාවෙම ඒ ස්ථානයට පැමිණි මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමන්ගේ අතේ තියෙන සියලු මුදල් වියදම් කරලා, සමහර වෙලාවට ලක්ෂ ගණන් වියදම් කරලා අවශ්‍ය පහසුකම් සපයපු ආකාරය මේ ලියුම්කරු දැක්කා.
අරගෙන එන්න ඒ අය උත්සහ කළා. උන්වහන්සේගේ අවමංගල්‍යය පූජෝත්සවයට ඒ අය සක්‍රීයව සහභාගි වුණා. මේ කතාව ඔබට කිව්වේ තවදුරටත් වාදභේද වෙලා දෙකට බෙදිලා කා කොටා වැටිලා අපි අපිටම රිදවගන්නේ නැතුව මේ කතාව ඔබ තේරුම් ගනීවි කියලා හිතන නිසා. අපිට බෙදිලා වෙන් වෙනවට වඩා එකට එකතු වෙලා කරන්න තියෙන දේවල් වැඩියි. මේක තමයි හෘද සාක්ෂිය මිනිස්සුන්ගේ. අරසිමලෙයි ආරණ්‍ය සේනාසනයට මේ මිනිස්සු යන්නේ කවුරුත් කියලා නෙමෙයි. දේශපාලනයට නෙමෙයි.
ඡන්ද ගන්න නෙමෙයි. පින්තූරවලට පෙනී ඉන්න නෙමෙයි. වීඩියෝවලට පෙනී ඉන්න නෙමෙයි. මේ මිනිස්සු යන්නේ මිනිස්සුන්ගේ හදවතේ තියෙන වේදනාව නිසා. මේ මිනිස්සුන්ගේ හදවතේ තියෙන එකමුතුකම නිසා. මිනිස්සු හැමෝම මිනිස්සු නිසා. වවලා තියෙන රැවුලෙන්වත්, දාලා තියෙන තොප්පියෙන්වත්, ඇඳලා තියෙන සිවුරෙන්වත්, වහලා තියෙන මූණෙන්වත්, මොට්ටැක්කිලියෙන්වත් මිනිස්සු මනින්නේ නැතුව අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න පුරුදු වුණ දවසක ආයේ අපිට සතුටෙන් ජීවත් වෙන්න ලැබේවි මෙන්න මේ විදිහට.
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අගනුවර කැලෑව අධිවේගයට යටවෙයිද?

Next Post

මාවනැල්ල බුදු පිළිමයට ගැහුවේ කුඩුකාරයෙක්: නම ප්‍රියන්ත

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.