• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මැරිලා නෙමෙයි මරලා! ගණ හරි නෑ ගීයේ පද වෙනස් කරන්න කියලා මැතිනිය කෝල් කරලා කිව්වා! ඒ දුකට බොන්න තිබුණු බෙහෙත් පෙති ඔක්කොම එක සැරේ බීලා එතුමා සිය දිවි නසාගත්තා! ඒ ගැන එතුමාගේ අත්අකුරින් ලියපු ලිපි 3ක් තියෙනවා! කලකට ඉහතදී ධර්මසිරි බණ්ඩාරනායක කියපු ආන්දෝලනාත්මක කතාව අපි ආපහු පළ කරනවා! VIDEO I Sri Lanka Latest News

August 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මැරිලා නෙමෙයි මරලා! ගණ හරි නෑ ගීයේ පද වෙනස් කරන්න කියලා මැතිනිය කෝල් කරලා කිව්වා! ඒ දුකට බොන්න තිබුණු බෙහෙත් පෙති ඔක්කොම එක සැරේ බීලා එතුමා සිය දිවි නසාගත්තා! ඒ ගැන එතුමාගේ අත්අකුරින් ලියපු ලිපි 3ක් තියෙනවා! කලකට ඉහතදී ධර්මසිරි බණ්ඩාරනායක කියපු ආන්දෝලනාත්මක කතාව අපි ආපහු පළ කරනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක ජාතික ගීතයට තියෙන වටිනාකම කාටවත් අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනෑ නැහැ. ජාතික ගීයක වටිනාකම වෙන කිසිම දෙයකට සමාන කරන්නත් බැහැ. ඒ වගේම ජාතික ගීය කියන්නේ හරිම සංවේදී දෙයක්. අපේ රටේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්න ඉඩ ලබා දුන්නු එකට ජනතාව එක එක විදියේ ප්‍රතිචාර දක්වන්න ගත්තෙත් ඒ සංවේදීකම හින්දයි.
ජාතික ගීය තරමටම ජාතික ගීයේ රචකයාටත් ජාතියෙන් හිමි වන ගෞරවය ඉතාම ඉහළයි. අපේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් මහත්මයා පිළිබඳවත් අපි හැම දෙනා තුළම තියෙන ගෞරවය අදටත් ඒ වගේම ඉතා ඉහළයි. ඒත් සමරකෝන් මහත්මයාට නිසි ගෞරවය අපේ රටෙන් ලැබුණද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන දැන් රටේ ලොකු ආන්දෝලනයකුත් ඇති වෙලා තියෙනවා. පසුගිය දවසක තිබුණු සංවාදයකදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා සිදු කළ හෙළිදරව්වක් හින්දා තමයි ඒ කතාබහ ඇති වුණේ. ඒ කතාව ජාතික ගීය තරමටම සංවේදී එකක්.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් මහත්තයා මිය ගියේ සියදිවි නසා ගැනීමක් හින්දා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ඒත් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයි ඝාතනයක් කියලයි. ජාතික ගීයේ රචකයාව ඝාතනය කළ රටක් ගැන අපි අහලා නැහැ. මේ කතාවේ සංවේදී බව වැඩි වෙන්නේ ඒ හින්දමයි. බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ජාතික ගීයේ රචකයා ඝාතනය කළ ලෝකයේ එකම රට ලංකාව කියලයි.

ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේම වචනවලින් ඒ කතාව කියනවා නම් මෙහෙමයි. “ආනන්ද සමරකෝන් මහත්මයාට ගුවන් විදුලි සංස්ථාවෙන් කෝල් එකක් දීලා කියනවා ජාතික ගීය මේ රටේ පාලකයන්ට අපලයි. ඒ හින්දා පාලකයෝ ආරක්ෂා වෙන්න ඕනෑ නම් මේකෙ ගණ හරියට පිහිටුවලා මේක නැවත ගායනා කරවන්න ඕනෑ කියලා. ඒක කවුද කිව්වේ කියලා එතකොට එතුමා අහනවා. ඒක කිව්වේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදේශකවරු කියලා එතුමට පිළිතුරු ලැබෙනවා. සමරකෝන් මහත්මයා ඒ උපදේශකවරුන්ට කතා කරනවා. කතා කරලා මෙන්න මෙහෙම කියනවා. මේකේ කිසිම ගණ වැරැදීමක් නැහැ. මම ගණ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ඉන්දියාවෙදි. ඒ හින්දයි මට ගණ ශාස්ත්‍රය පිහිටියේ. ලංකාවේ කවුරුවත් ගණ ශාස්ත්‍රය දන්නේ නැහැ.
එතකොට අර උපදේශකවරු මේ ගැන මැතිනියට පැමිණිලි කරනවා. එයා ඒක වෙනස් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මැතිනිය සමරකෝන් මහත්මයාට කතා කරලා ඒක වෙනස් කරන්න කියනවා. ඒත් ලැබෙන්නේ අර උත්තරයමයි. ඊට පස්සේ මැතිනියයි, අර උපදේශකයොයි එකතු වෙලා මේක වෙනස් කරනවා. කලින් තිබුණු “නමෝ නමෝ මාතා” ගීතය වෙනස් කරලා සමරකෝන් මහත්මයාට ගුවන් විදුලියෙදි අහන්න දුන්නා. ඒක ඇහුව එතුමා එදා ගෙදර ගියා. පහුවදා උදේ එතුමා නැවත නැගිට්ටේ නැහැ. එදායින් පස්සේ එතුමා කවදාවත් නැවත නැගිට්ටේ නැහැ. බොන්න තිබුණු බෙහෙත් පෙති ඔක්කොම එක සැරේ බීලා එතුමා සිය දිවි නසා ගෙන කියලා පස්සේ දැන ගත්තා.” ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ඒ කතාව කියන්නේ එහෙමයි.
ආනන්ද සමරකෝන් මහත්මයාගේ පුතා තමයි පසු කාලයකදී මේ කතාව බණ්ඩාරනායක මහත්මයත් එක්ක කියලා තියෙන්නේ. අවසන් වරට සමරකෝන් මහත්මයා ලියපු ලිපි තුනකුත් තමන් සතුව තියෙන බව එහිදී බණ්ඩාරනායක මහත්මයා ප්‍රකාශ කරනවා.
මේ කතාවත් එක්ක ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන හින්දා අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒත් පාලකයන්ට හොඳ නැහැ කියලා ගණ වෙනස් කෙරුවත් ඒ හරහා ජනතාවට අත්වුණු යහපතක් නැති බවත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. සමහරවිට සමරකෝන් මහත්මයාගේ ජාතික ගීයේ තිබුණු ගණ පිහිටීම මීට වැඩිය ජනතාවට හොඳ වෙන්න ඇති. ගණ පිහිටීම වෙනස් කළාට පස්සේ ඒක පාලකයන්ට විතරක් හොඳ වෙලා ජනතාවට නරක් එකක් වුණාද කියන්නත් බැහැ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

‘ආපු කෙනාත් දන්නවා! වෙඩි තියපු කෙනාත් දන්නවා!’ අද උදේම කඳානේ ‌පාතාල වෙඩි පත්තුවෙයි! I Sri Lanka Latest News

Next Post

අජිත් දෝවාල්ගෙන් චීනයට හීනියට ප්‍රහාරයක්!

MORE NEWS

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.