• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජාත්‍යන්තර මොළයෙන් සහ මොළ හතාණෝගේ කනෙන් රිංගූ පුතාණෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 14, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ජාත්‍යන්තර මොළයෙන් සහ මොළ හතාණෝගේ කනෙන් රිංගූ පුතාණෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ පොහොට්ටුවට හිතවත් මාධ්‍ය සජිත්ට කිව්වේ මෝඩ පුතාණෝ කියාය. ඉන් පසු 2020 මහ මැතිවරණයේදී පොහොට්ටුවත්, ජ.වි.පෙත්, යූ.ඇන්.පීයත් සජිත්ව මෝඩ පුතාණෝ නාමයෙන් භෞතිස්ම කළහ.

මේ මෝඩ පුතාණෝ 2010 සිට 2015 දක්වා වසර 5ක් යූ.ඇන්.පී නායකයා වීමට හෝ විපක්ෂ නායකයා වීමට සටන් කළේය. රනිල් ඔහු පත්කළ ඔහුගේ කුස්සි කෘත්‍යාධිකාරී මණ්ඩලය පාවිච්චි කොට සජිත්ගේ සටන මොට කළේය.

2015 ජනාධිතිවරණයේදී රනිල් ශ්‍රීල.නි.ප. ලේකම් මෛත්‍රීපාලගේ නම ජනාධිපති අපේක්ෂක ලෙස යෝජනා කරද්දී මෝඩ පුතාණෝ යූ.ඇන්.පී.යෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැති බවටත් ප්‍රකාශයක් කළේය. රනිල් සහ ඔහුගේ කුස්සි කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත්ගේ ප්‍රකාශය සත පහකට මයිම් කළේ නැත. මෛත්‍රීපාල තම ජනාධිපති අපේක්ෂකත්වයට යූ.ඇන්.පීයෙන් අනුමැතිය ලබා ගත් පසු ජනාධිපති ඡන්ද සටනේදී අගමැති නම් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ වෙලාවේ රනිල් සහ සජිත්ගේ ගැටුම වේලාවේ රනිල්ගේ නායකත්වය ආරක්ෂා කරගත් මංගල ඇතුළු රනිල්වාදීන්ද මෛත්‍රී ජනාධිපතිවරණයේදී රනිල්ව අගමැති අපේක්ෂක ලෙස නම් නොකළ යුතුය යන දැඩි මතයේ සිටියේය. ඒ වෙලාවේ අසරණ වූ රනිල් හැරුණේ මෝඩ පුතාණෝ දෙසටය. මෛත්‍රීපාල රනිල් අගමැති අපේක්ෂක ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව සජිත් ප්‍රසිද්ධියේ කීවේය. ඒ වේලාවේ රනිල් බැලුවේ මෛත්‍රීව පාලනය කරගත නොහැකි නම් මෛත්‍රීට ගහන්න සජිත්ව පාවිච්චි කරන්නටය. එවිට මෛත්‍රී සජිත්ට ගහල සජිත්ගේ දේශපාලනය ඉවර කරන බවත් රනිල් දැන සිටියේය. මෝඩ පුතාණෝ ඒ වෙලාවේ රිංගුවේ රනිල්ගේ කනින්ය. තමාව දේශපාලන වශයෙන් විනාශ කිරීමේ ලොකුම වුවමනාව ඇත්තේ රනිල්ට බව තේරුම් ගෙන ඔහු මෛත්‍රීපාල සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගත්තේය. මෛත්‍රී ඒ වේලාවේ බැලුවේ රනිල්ට ගහන්න සජිත්ව පාවිච්චි කරන්නටය. 2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක වීමට රනිල් දත කට මැදගෙන ඉන්නා බව දැනගෙන මෛත්‍රී තමාට ජනාධිපති අපේක්ෂක වීමට යූ.ඇන්.පී. සහාය ගන්න සජිත්ව පාවිච්චි කරන්න උත්සාහ කළේය. ඔහු සජිත්ට අගමැති ලණුව දුන්නේ ඔහු ජනාධිපති අපේක්ෂක වී සජිත්ව අගමැති කරගෙන 2019 ජනාධිපතිවරණයට යන්නටය. ඒත් මෝඩ පුතාණෝ ඒ ලණුව කෑවේ නැත. ඔහු පක්ෂය පාවා දෙන්න අකමැති විය. අනෙක් අතට ඔහු අගමැති වී යූ.ඇන්.පී.ය රනිල් එක්ක හිටගත්තොත් තමාගේ දේශපාලනය ඉවර වෙන බවද ඔහු දැන ගත්තේය. ඔහු 2018 කුමන්ත්‍රණය වේලාවේ රනිල්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටියා පමණක් නොව රනිල්ට අගමැති ධුරය දෙන ලෙස මෛත්‍රීට බලපෑම් කළේය.

2019 ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වූයේ දිනන්න අමාරු බව තේරුම් ගෙනය. 2002දී වරක් මහින්ද විපක්ෂ නායකයා ලෙස සිටියදී මාධ්‍යවේදියෙක්ට මෙසේ කීවේය.

“ 2005 ජනාධිපතිවරණයට මම කොහොම හරි ශ්‍රීල.නි.ප.යෙන් අපේක්ෂකයා වෙන්න ඕන. සමහර විට පරදියි. ඒත් ශ්‍රීල.නි.ප.යේ නායකත්වය ගන්න නම් පක්ෂය මා වටේ එකතු කර ගන්න ඕන..” මහින්ද කීවේය.

1994 ජනාධිපතිවරණයේදී නියත පරාජයක් ලබන අපේක්ෂකත්වය ගන්නේ ඇයිදැයි ගාමිණී දිසානායකගෙන් ඔහුගේ මිත්‍රයන් අහන විට ඔහු කීවේද ඒ කතාවමය.

“යූ.ඇන්.පී. නායකයා වෙන්න නම් පක්ෂය මගේ වටේ එකතු කරගන්න ඕන..” ගාමිණී කීවේය.

2019 ජනාධිපතිවරණයේදී සජිත් ඒ වැඩේම කළේය. අවසානයේදී යූ.ඇන්.පීයම ඔහු වටා එක් විය. රනිල් තනි විය. රනිල් නොදුන්න නායකත්වය සහ විපක්ෂ නායකත්වය ඔහු ජනතාවගෙන් හිමි කරගත්තේ රටම මවිතයට පත් කරමිනි.

සජිත් විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායකත්වයට පත් වූ පසු රාජපක්ෂවාදී මධ්‍යයත් යූ.ඇන්.පීයත් ජ.වි.පෙත් ඔහුට චෝදනා කළේ ඔහු දුර්වල නායකයෙක් කියාය. හැබැයි 69%ක් ගත්ත ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව කොරෝනා බිය මධ්‍යයේ කොළඹට ජනතාව ගෙන්වා මිනිසුන් පාරට බස්සවන වැඩේට සජිත් අත ගැහුවේය. 69%ක ජනවරමක් ගත්ත ජනාධිපතිවරෙයක්ට සහ තුනෙන් දෙකක ආණ්ඩුවකට එරෙහිව වසරකට පසු ජනතාව පාරට බස්සවපු ලංකාවේ පළමු විපක්ෂනායකයා ඔහුය. ඔහු පළමු විරෝධතාවය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගොස් නතර කළේය. දෙවන විරෝධතාවය ජනාධිපති කාර්යාලයේ ගේට්ටුවටම අරගෙන ගොස් ගෝඨාගේ පඹයින්ට ගිනි තියන තරමට විරෝධතාවය රත් කළේය. ඉන් පසු ඔහු හිරුණිකාගේ නායකත්වයෙන් යුත් සමඟි වනිතා බළකාය ගෝඨාගේ මිරිහාන ගේ වටලන්න යැව්වේය. අරගලයට පාර කැපුවේ එහෙමය.

අරගලයෙන් මහින්දට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න වූ විට ගෝඨා ඔහුට කතා කර අගමැති ධුරය බාර ගන්න කීවේය. ගෝඨා බලන්නේ තමාව අරගලකරුවන්ගේ හතුරෙක් කොට ගෝඨාගේ පව් තමා පිට පටවා තමාව පොහොට්ටුවෙ සහ රාජපක්ෂවරුන්ගේ හිරකාරයෙක් කර ගන්න බව මෝඩ පුතාණෝ තේරුම් ගත්තේය. තමා අගමැති ධුරය බාර ගෙන අරගලය පවා දීමට සූදානම් නැති බව ඔහු කීවේය. අගමැති ධුරය බාර ගන්න ඔහු කොන්දේසි ඉදිරිපත් කළේය.

රනිල් අගමැති වූ විට සජිත් ඉවර යැයි ඔහුගේම පක්ෂයේ සමහරු සිතූහ. ඔහු අරගලය වෙනුවෙන් පෙනී සිටිමින් හරීන් සහ මනුෂ හැරුණු විට වෙනත් කිසිදු ස.ජ.බ මන්ත්‍රීවරයෙක් රනිල්ට එකතු නොවන තැනට ගේම ගැහුවේය.

ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන වේලාවේ ජනාධිපති ධුරයට තරග කරන්න යැයි කියද්දී ජනාධිපති වීමට තමාට පොහොට්ටුවෙ ඡන්ද නොලැබෙන බව ඔහු දැන සිටියේය. 1993 ප්‍රේමදාස ඝාතනය වී පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන වේලාවේ විපක්ෂ නායිකා මැතිනියට තමන්ට දිනන්න බැරි බව දැන තරඟයෙන් ඉවත් විය. ඒත් සජිත් පොහොට්ටුවේ ඉදිරිපත් කරන යූ.ඇන්.පී නායකයාට එරෙහිව ස.ජ.බ.යෙන් පොහොට්ටු නායකයෙක්ව ඉදිරිපත් කළේය.

ඔහු රාජපක්ෂවරුන්ව බලයට ගෙන ආ ජාතිවාදීන් වූ විමල්ලා සහ දමිළ ජාතික සන්ධානය එක තැනකට ගෙන ආවේය. විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 82ක් දක්වා වැඩි කරගත්තේය.

රනිල් ජනාධිපති වූ දවසේ සිට මෙරට මාධ්‍ය හැමදාම එක නිවුස් එකක් ගැහුවේය. එනම් ස.ජ.බ.යේ මන්ත්‍රීවරු 20ක් පමණ රනිල් සමග එක්වෙන බවය. රනිල් ජනාධිපති වී දැනට මාස 6ක් ඉක්ම ගොස්ය. පහුගිය මාසයේත් ලංකාවේ මාධ්‍ය මේ නිවුස් එක පළ කළහ. එකම වෙනස ලෙස විස්ස 6ට අඩු විය. ඒත් මෝඩ පුතාණෝ ස.ජ.බ මන්ත්‍රීවරුන් රනිල් ළඟට යෑම වැළක්වූවේය. මේ මන්ත්‍රීවරු ඔක්කෝම රනිල් හදපු මන්ත්‍රීවරුය. ඔවුන් රනිල් හැරදමා සජිත් වටා එක්වූයේ රනිල්ට ජනාධිපති වෙන්න බෑ කියාය.

“ඔන්න මම ජනාධිපති වුණා. දැන් මා ළඟට එන්න…”

රනිල් එහෙම කීවත් මන්ත්‍රීවරු ගියේ නැත. මෝඩ පුතාණෝ අමාරුම කඩුල්ල පැන ගත්තේ එලෙසය.

මෝඩ පුතාණෝ ඒ වෙලාවේ පැන්නුවේ මොළ හතක් තියෙනවා කී බැසිල් සහ ජාත්‍යන්තර මොළයක් කී රනිල් එක්කය. රනිල් 21වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පොහොට්ටුව තමන් යටතට ගෙන ජාත්‍යන්තරයේ වීරයා වී තමා එක්ක මුළු පාර්ලිමේන්තුවම ඉන්නා බව පෙන්වීමටය. සජිත් ඒකට ඉඩ දුන්නේය.

“රනිල්ගේ පළමු ජයග්‍රහණය…”

මෙරට මාධ්‍ය 21වන ව්‍යවස්ථා සංශෝධනය විග්‍රහ කළේ එසේය. 21න් රනිල් බැසිල්ව තරහා කරගන්න බව සජිත් දැන සිටියේය. ඔහු ස.ජ.බ ඡන්ද ටික දී ඒ වැඩේ වෙන්න ඉඩ හැරියේය. ඊළඟට රනිල් සිටියේ දැන් මමයි රජා කියලා 21වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම වෙනස් කොට කොමිසමේ පාලනය සියතට ගෙන ඡන්දය කල් දමන්නටය. සජිත් නොහොත් මෝඩ පුතාණෝ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් වීම කල් දමමින් පුංචි ඡන්දයට පාර කපා ගත්තේය. ජාත්‍යන්තර මොළය, මොළ හතාණෝගේ කනෙන් රිංගුවේය. මෝඩ පුතාණෝ මේ දෙන්නාගේම කනෙන් රිංගුවේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඇප තැන්පත් බාර නොගන්න තීන්දුවක් කැබිනට් එක අරගෙන නෑ! ඒක ජනාධිපති අරන් තියෙන තීන්දුවක්! ලියුමෙ ලිව්වෙ බොරුවක්! පුලුවන්නම් ඇමැති කෙනෙක් ඇවිල්ලා ඒක නෑ කියන්න! ඡන්ද කල් දැමීමේ කැබිනට් සැලැස්ම පටන් ගත් විදිහ හෙළිවෙයි! (VIDEO)

Next Post

ඡන්දෙට යන බිලියන 10 හොයාගන්න එක සිම්පල්! ‌මෙන්න ක්‍රමය! (VIDEO)

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.