20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ථාධිකරණයට යාමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන බව එහි ප්‍රචාරක ලේකම් විජිත් හේරත් මහතා පවසා ඇත.
තමන් විශ්වාස කරන ආකාරයට මෙය නීතියෙන් විසදාගත යුතු නැති ප්‍රශ්නයක් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට ඇත්තේ මෙම කෙටුම්පත් නීතියට පටහැනිද යන්න බවත් ඒ මහතා සදහන් කොට ඇත.
යම් යම් පාර්ශ්ව අධිකරණයට යනු ඇති බවත්, එහිදී එහි ව්‍යවස්ථානුකූල භාවය තීන්දු වනු ඇති බවත් හෙතෙම සදහන් කොට තිබේ.










